2017 ජුලි 01 වන සෙනසුරාදා

shangri la hotel Hambantota හම්බන්තොට ලෝකෙට ගෙනයන “ෂැංග්‍රිලා”ට දැන් අවුරුද්දයි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 251

අපේ රටේ ඉදිවුණු පළමුවැනි ෂැංග්‍රිලා සුඛෝපභෝගී හෝටලය වන ෂැංග්‍රිලා හම්බන්තොට රෙසෝට් ඇන්ඩ් ස්පා තමන්ගෙ පළමුවැනි සංවත්සරය පහුගියදා බොහොම ඉහළින් සැමරුවා. වසරක් ගෙවෙන තැන අපි ඒ වෙත ගමන් කළේ හෝටලය ලබාතිබෙන ප්‍රගතිය වගේම ගෙවුණු අවුරුද්දක කාලය ගැන කාර්ය මණ්ඩලයේ අදහසුත් දැනගැනීමේ අටියෙනුයි. 

හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 300ක්. ඒවා සියල්ලම මුහුණලා තිබෙන්නේ දැකුම්කළු ගොල්ෆ් පිටියට හෝ කලපුවට හෝ මුහුදටයි. මේ නිසා හොඳ නිස්කලංක නිවාඩුවකට විවේකයකට මෙතැන කදිමයි.  සුවිශාල පොල් වගා භුමියක ඉදිවුණු හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලය සංචාරකයන්ට විවේකය වගේම විවිධ අත්දැකීම් රාශියක් ලබාගත හැකි තැනක්. ඒ අතරින් ගොල්ෆ් පිටියට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ලෝකයේ ගොල්ෆ් පිටි සැලසුම්කරණයේ ප්‍රවීණයෙක් වන රොබට් රයිට් විසින් නිර්මාණය කරපු මේ ගොල්ෆ් පිටිය පළපුරුදු ක්‍රීඩකයන්ට වගේම ආධුනිකයන්ටත් හොඳ ක්‍රීඩා අත්දැකීමක් සමීප කරවනවා. 

හෝටලයේ තිබෙන තවත් අපූරු අත්දැකීමක් තමයි CHI ආයුර්වේද සම්බාහන ප්‍රතිකාර මධ්‍යස්ථානය. පරිසරයෙන් ලැබෙන විවේකී සුවදායී බවට අමතරව ශරීරයට මනසට දෙකටම හොඳ සැහැල්ලුවක් ලබාගන්න මෙතැනදී පුළුවන්. ඔබ හෝටලයට එන්න කලින් මේ ආයුර්වේද සම්බාහන ප්‍රතිකාරයත් ඇණවුම් කර තිබුණොත් ඔබට නොමිලේ මිනිත්තු 30ක සම්බාහනයකුත් හෝටලයෙන් ලබාදෙනවා.  ආහාරපාන ගැන කතාකරද්දි බොජුන්හල නමින් දේශීය කෑමබීමත් Sera අවන්හලේදී විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයට අයත් රටවල කෑමබීමත් රස විඳින්න පුළුවන්.

මීට අමතරව විවාහ මංගලෝත්සව සහ සමුළු සම්මන්ත්‍රණ සඳහාත් හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලය ජනප්‍රිය වෙලා. විශාල උද්‍යානය නිසා ඡායාරූපගත කිරීම් ආදියට පවතින පහසුවත් ප්‍රධාන බෝල්රෑම් එකේ සුඛෝපභෝගීත්වයත් ඊට හේතුවී තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරික හෝ වෙනත් සම්මන්ත්‍රණ සඳහා ගැලපෙන ශාලා පහකුත් හෝටලය සතුයි. 
“ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටලයක් ඉදිකිරීමේදී මතුවුණු අභියෝග සියල්ල හොඳින් කළමනාකරණය කරගනිමින් සාර්ථක වෙන්න අපිට හැකිවෙලා තිබෙනවා. ගෙවුණු වසරක කාලය තුළ අපිට හැමකෙනෙක්ගෙන්ම ලැබුණු සුබදායී ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි. ඒ තුළින් වැඩි පාරිභෝගික සේවාවක් සලසන්නත් අපට හැකිවෙලා තියෙනවා” හෝටලයේ සාමාන්‍යාධිකාරී ලයින් මැක්කෝර්මැක් සඳහන් කරනවා. 

ෂැංග්‍රිලා කාර්ය මණ්ඩලය පවසන ආකාරයට කොළඹ ගාලුමුවදොර ඉදිවෙන දෙවැනි ෂැංග්‍රිලා හෝටලයත් ලබන නොවැම්බර් මාසය වනවිට විවෘත වේවි.  

♦ සනත් වීරසූරිය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00