2017 ජුලි 01 වන සෙනසුරාදා

වයින් එක්ක රෝස්ට් කළ පෝක් Steuart and Co

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

කොළඹ චැතැම් වීදියේ පිහිටලා තියෙන Steuart and Co ඇත්තටම ස්කොට්ලන්තයට අපිව එක්කන් යන්න පුළුවන් විදිහේ තැනක්. මේ පැරණි ජෝර්ජ් ස්ටුවර්ට් ගොඩනැගිල්ල ස්කොට්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදා තිබීම තමයි ඒකට ප්‍රධානම හේතුව. 

සමාගමේ ඉතිහාසයට අයත් බොහෝමයක් දෑ රැගත් Steuart and Co දැන් සිටි හෝටලයක්! එංගලන්තයේ වික්ටෝරියා රැජන අසුන්ගත් පුටුවකුත් එහි තිබෙනවා. 

කොළඹ නගරයේ ඉතාම සුවිශේෂී ස්ථානයක තමයි මේ හෝටලය පිහිටලා තියෙන්නෙ. එත් පැත්තකින් ලන්දේසි රෝහල ආකේඩ් එක. අනික් පැත්තෙන් මුදල් කෞතුකාගාරය. තව පැත්තකින් ලයිට් හවුස් එක. ඒ වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ව හංගලා තියපු හිර මැදිරිය තියෙන්නෙත් ඒ අසලමයි. 

මෙතැන කෑම බීම අත්දැකීමත් හරිම සුවිශේෂීයි. ආහාර වර්ග තෝරාගනිද්දි ෆැනීගේ සහායත් ලබාගන්න පුළුවන්. ඇය ප්‍රංශ උරුවට ඉංග්‍රීසි උච්චාරණය කරමින් හරිම ලස්සනට කෑම වර්ග ගැන විස්තර කරලා දෙනවා. මම මෙතැන දවස් දෙකක් ගත කළා. ඒ කාලය තුළදී Dirty Loaded Burger, Power Lunch සහ වයින් සමඟ රෝස්ට් කරපු පෝක් රස බැලුවා. සෑම අතකින්ම හොඳ අත්දැකීමක් එහිදී ලැබුණා කිව්වොත් හරි. 

- ධනූ
ඡායාරූප - You’re My Favorite