2017 ජුලි 08 වන සෙනසුරාදා

HIT TIPS

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 40

යූත් ගෙටෝ සාදය

Youth Ghetto සමාජයේ විශේෂ සාදයක් ජුලි 15 වැනිදා නුගේගොඩදී පැවැත්වෙනවා. සවස 7 ඉඳන් මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙන මේ සාදය නම් කරලා තියෙන්නේ The Sarong Party නමිනුයි. සංගීතයත් නර්තනයත් පිරුණු හැන්දෑවකට Youth Ghetto මේ සාදය ලෑස්ති කරලා තියෙනවා.

ආනන්දයෙන් පා ගමනක්

කොළඹ ආනන්දයට වසර 130ක් පිරීම නිමිත්තෙන් විශේෂ පාගමනක් සූදානම් කරලා තිබෙනවා. ජූලි 15 වැනිදා හවස ආනන්ද විද්‍යාලයෙන් පටන්ගන්න මේ පා ගමන අවසන් වෙන්නේ ග්‍රීන් පාත් එකෙන්. එතැනදි ආහාර පාන එකතු කරගත් මිනි කානිවල් එකකුත් පැවැත්වෙනවා.