2017 ජුලි 08 වන සෙනසුරාදා

අහසේ ඉඳන් වැඩ දාන්න Pogo

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

ඔබත් විනෝදයට බර කෙනෙක් නම් විවේක වෙලාවේදී කරන්න පුළුවන් ත්‍රාසය විනෝදය පිරුණු ක්‍රීඩාවක් තමයි Extreme Pogo කියන්නේ. මෙතැන Extreme කියන වචනයෙන්ම කියවෙනවා යම් අවදානමක් තියෙන බව. හැබැයි අවදානම වගේම විනෝදයත් ඊට ඇතුළත්.

මේ ක්‍රීඩාවේ නිරත වෙන්නේ ඒකටම හැදූ පෝගෝ ස්ටික් කියන උපකරණය උවමනා වෙනවා. ඇත්තටම මේ ක්‍රියාකාරකම සම්පූර්ණයෙන්ම ඒ යෂ්ඨිය එක්ක තමයි බැඳී තිබෙන්නෙ. 

කරන්න තියෙන්නෙ බොහොම සුළු දෙයක්. ඒ තමයි මේ යෂ්ඨියේ නැගලා එහා මෙහා පනින එක. හැබැයි මේ යෂ්ඨියත් එක්ක අපූරු ක්‍රියාකාරම්වල නිරත වෙන්නත් පුළුවන්. උදාහරණයකට කාර් එකක මේ පැත්තෙ ඉඳන් අනිත් පැත්තට උඩින් පනින්න පුළුවන්. ඒ වගේම පෝගෝ එකක නැගලා බාස්කට් බෝලයක් වළල්ල ඇතුළින් යවන්නත් පුළුවන්. සමහර රටවල පෝගෝ උස පැනීමේ තරග පවා සංවිධානය කෙරෙනවා.

දැනට තියෙන හොඳම තත්ත්වයේ පෝගෝවලින් අඩි දහයක් තරම් උඩට යන්න පුළුවන්. ඉතින් උඩ පැන පැන යන්න, මිතුරන් එක්ක විනෝද වෙන්න අලුත් වැඩක් තමයි මේ පෝගෝ සෙල්ලම. හැබැයි ඉතින් අතපය කඩාගන්නෙ නැතිව මේක කරන්නත් ප්‍රවේශම් විය යුතුයි.