රාජ්‍ය කාරක අවි ග්‍රහයා දෙසැම්බර් 15 දින 20.55න් ධනු රාශියෙන් මේෂ නවාංශකයෙන් මූල නැකතේ 01 පාදයෙන් බ්‍රහස්පති හිමි ධනු රාශියට සම්ප්‍රාප්ත වූ අතර මකර රාශිය, මකර නාවාංශකය, උතුරු සල නැකතේ 02 පාදය දක්වා පුරා මාසයක් විරාජමාන වන්නේය.
සුවිශේෂී ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ ගෝචර, ග්‍රහ සංයෝග සපිරුණ ධනු රවියෙහි තත්කාලීන සංක්‍රාන්ති වෙන මොහොතට අනුව චන්ද්‍රයා හිමි කටක රාශිය, සිකුරු හිමි තුලා නවාංශකය, උදාකරමින් ප්‍රශස්ත ග්‍රහචාරයක් වෘෂභ - මිථුන - කටක - කන්‍යා - තුලා - ධනු - මකර - කුම්භ - මීන යන රාශි හිමි ජම්ම ලග්නවලට ධනු රවියෙහි උදාවෙන්නේය. මේෂ - සිංහ - වෘෂ්චික රාශි කෙරෙහි යම් යම් බාධක අවහිර ප්‍රබලව යෙදිය හැක.
පීතෘකාරක සූර්ය දිව්‍ය රාජ තෙමේ සුරගුරු භවනට ප්‍රාදුර්ගත වීමෙහිලා ශ්‍රී ලාංකික ජන ජීවිතය පිළිබඳ විස්මිත බවක් විද්‍යාමාන වෙන්නේය. ධනු - මකර - කුම්භ රාශිවලදී බුධ - කුජ - ශුක්‍ර යන ග්‍රහමාරු පරිවර්තන යෝග, කාල සර්පයෝගාදී ශුභාභුභ ලෙස යෙදී දෙසැම්බර් 29 දක්වා ජන ජීවිතයේ නව ගමන් මඟකට තුඩු දෙන්නේය. ආර්ථික, සාමයික, සාමාජික, සෞඛ්‍යය, අධ්‍යාපනය, දේශපාලනය වැනි ක්ෂේත්‍රයන්හිදී බලපෑමෙන් විචිත්‍රමය පසුබිමක් නිර්මාණය වීමෙහිලා බොහෝ දුරට ඉඩකඩක් ඇත. මෙකී කාල පරාසය තුළ ජන්ම ලාභය යෙදෙන සිඟිති දරු දැරියනට ගවේෂකයන්, දාර්ශනිකයන්, බුද්ධිමතුන්, කෝටිපතියන් බවට පත්වන අපූර්වාත්මක අසිරිමත් ග්‍රහ පිහිටීම් බලපාන්නේය.
තත්කාලීන කටක උදා ලග්නයෙහි 2 වැන්නේ රාහුද, තෙවැන්නේ බ්‍රහස්පතිද, 5 වැන්නේ සෙනසුරැද, 6 වැන්නේ රවි බුධද, 7 වැන්නේ සිකුරුද, 8 වැන්නේ කුජ කේතුද, නෙප්චූන්ද, 9 වැන්නේ යුරේනස්ද, 12 වැන්නේ චන්ද්‍රයාද තැම්පත් මොහොතක ධනු රවියෙහි සමාරම්භය වෙයි. දෙස් විදෙස් පතළ මහා ප්‍රාඥයන් බවට මෙකී කාල පරාසය තුළ ජම්මලාභී සිඟිති දරු දැරියනට අනාගතය හැඩගැසෙන බවක්ද පෙනී යන්නේය. මිථුන - කුම්භ - සිංහ - වෘශ්චික රාශි හිමියනට අශුභ බවද, අනෙක් ඉතිරි රාශි හිමියනට සමපල, සුබපල දායක බවක් ද පෙනී යන්නේය. චිරං ජයතු
♦ කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි