2016 දෙසැම්බර් 15 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8 පසුවී විනාඩි පනස් පහට රවි ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ ධනු රාශියට පිවිසේ. මෙහිදී කේතුට අයත් මූල නැකතේ සම්පූර්ණවත් සිකුරුට අයත් පුවසල නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රපල නැකතේ ප්‍රථම පාදයෙන් ද 2017 ජනවාරි 14 වන ශනි දින උදේ 7 පසුවී විනාඩි 39 දක්වාම රවි ධනු රාශියෙහි ගමන් කරනු ඇත.
මේ පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී කුඩා කර්මාන්ත හිමියන්ට යහපත් වන්නාවූ කාල වකවානුවක් වනු ඇත. මහජන සෞඛ්‍යයට බාධා ඇතිවෙයි. විනෝද ස්ථාන, නාට්‍ය ශාලා ආශ්‍රිතව අශුභ සිදුවීම්ද, නාට්‍ය වැනි කලාකරුවන්ට උසස් ප්‍රභූ පුද්ගලයකුට හෝ මහජන නියෝජිතයකුට රජයේ හිටපු ප්‍රධානියකුට ඉතා අශුභවූත් මාරක අපල සහිතවූත් කාල වකවානුවක් වෙයි.
විදේශීය වශයෙන් ඇතිවන්නාවූ බලපෑම විමසා බැලීමේදී ගුවන් නියමුවකු හදිසි අසනීප තත්ත්වයකට ලක්වීමක් වාර්තා වනු ඇත. රාජ්‍ය ප්‍රධානියකුට මෙන්ම ප්‍රධාන නිලධාරියකුට මාරක වන අතර මගී යාත්‍රාවක් අනතුරට පත්වීමට ඉඩ තිබේ.
මේෂ - විදේශ ගතවීම්
ඔබට යහපත් වනු ඇත. විශේෂයෙන් දුර ගමන් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන්නාවූ අයට යහපත් වනු ඇත.
වෘෂභ - නව රුකියා
තරමක් අයහපත් වන අතර පදිංචි භූමිය ආශ්‍රිත ප්‍රශ්න මතුවේ. ඉතිරි කරගැනීමට බාධා ඇතිවන අතර නව රැකියා අපේක්ෂා කරන්නාවූ අයට ශුභ ඵල අත්වනු ඇත.
මිථුන - සිතේ සහනය අඩුයි
ගිවිසුම්වලට එළඹීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතු වේ. අවිවාහක අයට සම්බන්ධතා ගොඩනැගෙනු ඇත. සිතේ සහනය අඩු කාල වකවානුවක් වේ.
කටක - දේශපාලනයට හොඳයි
ඉතිරි කරගැනීමට බාධා ඇතිවන අතර තමාගේ නැති වූ යමක් හමුවන්නාවූ කාල වකවානුවක් වේ. දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් කාලයක් වේ.
සිංහ - උදර ආබාධ
තමන්ගේ යම් යම් වැඩ කටයුතු අතපසු වීම් වන කාලයක් වන බැවින් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු වේ. උදරගත ආබාධ මතුවන බැවින් ආහාර ගැනීමේදීත්, ඖෂධ භාවිතයේදීත් සැලකිලිමත් වීම වැදගත් වේ.
කන්‍යා - නව රැකියා
නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අනවශ්‍ය අය සමඟ ගැටුම් සිත් ආරවුල් හදිසි ශරීර පීඩාවලට ලක්වීම්ද ඇතිවිය හැක. නව රැකියා බලාපොරොත්තු වන්නාවූ අයට යහපත් වේ.
තුලා - හැකියාවට ඵල
ඔබගේ හැකියාවෙන් ප්‍රයෝජන ලබාගත හැකි කාල වකවානුවක් වේ. විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇත.
වෘෂ්චික - ඇස්වල ආබාධ
ඉඩකඩම් හෝ වාහන මිලදී ගැනීමක් නිසා අතමිට හිඟවන වකවානුවක් වේ. ඇස්වල ආබාධ මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
ධනු - රැකියා උසස් වීම්
නව රැකියාවක් බලාපොරොත්තු වූ අයට යහපත් වන අතර උසස් වීම් අපේක්ෂා කළ අයගේද බලාපොරොත්තු ඉටුවනු ඇත. විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටින අයටද යහපත්ය.
මකර - හදිසි පීඩා
සතුන්ගෙන් පීඩාවන් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. ගමන්වලින් හදිසි ශරීර පීඩා ගෙන දෙනු ඇත. ඇස්වල ආබාධ මතුවනු ඇත.
කුම්භ - අතපසුවීම් වැඩියි
දේශපාලන කටයුතුවල නිරත අයට යහපත් වේ. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයටද තම බලාපොරොත්තු ඉටුවනු ඇත. යම් යම් කටයුතු අතපසු වීම් වනු ඇත.
මීන - හදිසි ශරීර පීඩා
ඔබට යහපත් ඵල උදාවනු ඇත. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වේ. ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවීමට ඉඩ වැඩිය.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ
පර් ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල