භිර්ගු නන්දන නාඩි සූත්‍ර භාවිත කර ලෝකායතන ජ්‍යොතිෂ අනාවැකි ප්‍රකාශ කළ හැකිය. මෙම අනාවැකි ප්‍රකාශ කිරීම සඳහා රටක කාරකත්වය හිමි රාශිය දැන සිටිය යුතුයි. 1948.02.04 වෙනි දින ශ්‍රී ලංකාව ධජය නැංවූ මොහොතේ පැවැති කුම්භ ලග්නය විසින් ලෝකයේ සෑම රටක්ම අයත් වන රාශිය කුමක්දැයි දිගුකාලීන පර්යේෂණ මගින් සොයාගනු ලැබ ඇත. ශ්‍රී ලංකාව හිමි වනුයේ මකර රාශියේ රටක් ලෙසටය.
එමෙන්ම කිසියම් සියවසක් ආරම්භ වන මොහොතේදී පැවති ග්‍රහ සටහනද ඉතා වැදගත්ය. 2100 සිට 2200 දක්වා වන ශත වර්ෂය ආරම්භ වූයේ 1999.12.31 වෙනිදා රාත්‍රි 12.00ටය. ඒ අවස්ථාවේදී පිහිටි ග්‍රහ රාශි චාරයද මෙකී අනාවැකි ප්‍රකාශය සඳහා අවශ්‍යය. එකී ග්‍රහ පිහිටීම ග්‍රහ දිශා චක්‍රය සමඟ අංක 01 සහ අංක 02 දරණ රෑප සටහන් මගින් දක්වා ඇත.
භිර්ගු නන්දන නාඩියට අනුව ශ්‍රී ලංකාවේ භූමි ප්‍රක්ෂේපණ මකර රාශියේ යුරේනස් ග්‍රහයා ශත වර්ෂ 1999.12.31 දින රාත්‍රි 12.00ට තැන්පත්ව සිටියේය. එසේ සිටියේ දකුණු දිශාවේය. එවිට උතුරු දිශාවේ රාහු තැන්පත් විය.
ගත වන්නේ දාහත්වන වර්ෂය බැවින් ගුරු ග්‍රහයා ප්‍රථම වටය සම්පූර්ණ කර කන්‍යාවට පැමිණ සිටී. එය උත්පත්ති කේතුගේද කුජගේද සංවේදී ස්ථානයකි. එමෙන්ම ගෝචර යුරේනස්ද සප්තවම සිටී.
මේ නිසා 2016.12.31 සිට 2017.12.31 දක්වාම හ්‍රී ලංකාවේ කාලගුණික දේශගුණික විපත්ති සිදුවෙයි. දිවයිනේ යම් කලාපයකට ගංවතුර තර්ජන මතුවන විට තවත් කලාපයක නියං විපත්ති ගෙනදෙයි.
1999.12.31 ශත වර්ෂ ආරම්භ දිනයේදී ගුරු ග්‍රහයා සිටි නැගෙනහිර දිශාවේම 2016.12.31 දින රාහු ගෝචරය වීම නිසාද ඊට විරුද්ධ දිශාව වන බටහිර දිශාවෙහි කුජ කේතු ගමන් කිරීම නිසාද ශ්‍රී ලංකාවේදී සෑම ආගමකම අදාළ ශාස්තෘවරුන් දෙසූ මූලික හර පද්ධතිය හෙල්ලුම් කනු ඇත.
රටේ කාලගුණ සෘතු වෙනසකට
ශත වර්ෂය ආරම්භයේදී නැගෙනහිර දිශාවේ සිටි සෙනසුරුට විරුද්ධ දිශාව වන බටහිරෙහි කුජ ග්‍රහයා සහ කේතු ග්‍රහයා 2016.12.31 දින සිටි නිසා 2017.12.31 වෙනි දින දක්වා ශ්‍රී ලංකාවේ පොදු ජනතාව විවිධ කුමන්ත්‍රණ ජාලයන්හි අතකොළු බවට පත්වී තමනුත් අඹුදරුවනුත් වැනසී යන්නේය.
දිවයිනේ සෘතු භේදයක් හට ගන්නේය. අලුත් සෘතු වෙනස්කම් නොවටහා ගන්නා ජනී ජනයා පහන් දැල්ලට වදින පළගැටියා සේ වැනසී යනු ඇත.
ආගමික ස්ථානවල නායකත්වය ගිහියන් විසින් පැහැරගනු ලබන අතර මහානායක හිමිවරුන්, පූජකවරුන්, ස්වාමිවරුන්ට කර කියා ගන්නට දෙයක් නැතිව ඉවත බලා සිටින්නට සිදුවන්නේය.
දේශපාලකයන් විසින් (බලය) නැමැති උජාරු ඔටුන්න පළදා ගැනීමේ චේතනාවම පෙරදැරි කරගෙන කටයුතු කර ජනී ජනයා දුකට පීඩාවට හෙලන්නේය.
අඹුසැමි, දූදරු, දෙමාපියන් එකිනෙකා ගහ මරා ගනු ඇත. දෙවියන්ට තර්ජනය කර එකිනෙකා විනාශ කරන ලෙසද ඉල්ලමින් දේව කෝපය රටට ගෙනෙනවා ඇත.
මුදල් ඇති අය සුර සැප විඳිමින් බලතල නිලතල බෙදා ගන්නේය. නිර්ධනයන් සහ දැනුමෙන් ඥානයෙන් පොහොසත් උගත්තු හූල්ලමින් සිට මිය යති.
ගාල්ලේ තලගහ අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී