Discover Mannar එළි දැක්වෙයි
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික පවුලක් වන ඥානම් පවුලේ අලුත් පරම්පරාවේ සාමාජිකයෙකු වන අම්රිත් ඥානම් විසින් මන්නාරම ප්‍රදේශය සම්බන්ධයෙන් සකස් කළ Discover Mannar සංචාරක මාර්ගෝපදේශ කෘතිය පසුගියදා කොළඹ Barefoot Gallery හිදී එළිදැක්වුණා. මන්නාරම ප්‍රදේශයේ ස්වභාවික, සංස්කෘතික වටිනාකම් අන්තර්ගත මේ සංචාරක මාර්ගෝපදේශන කෘතියේ අලංකාර ඡායාරූප එකතුවක්ද අන්තර්ගතයි. එහි අම්රිත් ඥානම් වගේම අජිත් රත්නායක සහ ගෙහාන් ද සිල්වා විජේරත්න යන වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයේ සටහන් වූ පින්තූර රැසක් දකින්න පුළුවන්.
ඩබල් ඩෙකර් කොක්ටේල්
කොළඹ නගරය පුරා සැරිසරමින් රාත්‍රී කාලයේ කොක්ටේල් සංග්‍රහයක් විඳින්න ලැබුණොත් කොහොමද? එවන් අවස්ථාවක් නිදහස් මාවතේ මැන්චෙස්ටර් අවන්හලේදී සූදානම් කෙරෙනවා. ලබන සෙනසුරාදා (29) සවස 6.30ට ආරම්භ වෙන Colombo Bar Crawl වැඩසටහන මගින් Manchester, Floor by O, Vu, Flamingo House වගේ කොළඹ ප්‍රධාන පෙළේ අවන්හල් කිහිපයකටම ඩබල් ඩෙකර් බස් රථයක නැඟී ගමන් කරමින් අපූරු කොක්ටේල් අත්දැකීමක් ලබාගන්න පුළුවන්.
Yamu.lk