2017 ජුලි 22 වන සෙනසුරාදා

වතුර යට ගුස්ති ඇල්ලීම

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

මල්ලව පොර එහෙමත් නැත්නම් Wrestling කියන්නේ අපේ රටේ තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය ක්‍රීඩාවක්. ඩීවීඩී රසිකයන් අතර සමහරවිට ක්‍රිකට්, රග්බි වැනි ක්‍රීඩාවන්ටත් වඩා මේ Wrestling ක්‍රීඩාව පැතිරිලා තියෙන්නෙ හරියට උන්මාදයක් වගේ. ඉතින් මේ ත්‍රාසජනක ක්‍රීඩාවේ විනෝද ජනක මුහුණුවරක් ගැනයි මේ කියන්නෙ. ඒ තමයි Underwater Wrestling හෙවත් දියයට මල්ලව පොර ක්‍රීඩාව. 

මේක දැන් දැන් සංචාරකයින් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ජලය ආශ්‍රිත ක්‍රියාකාරකමක්. මෙතැනදි වෙන්නේ සාමාන්‍ය මල්ලව පොර ක්‍රීඩාවේදී වගේම ක්‍රීඩකයින් දෙදෙනකු එකිනෙකා හා පොර බදිමින් ක්‍රීඩා කිරීමයි. අඩි හයක් පමණ ගැඹුරැති පිහිනුම් තටාකයක සිදුකරන මේ ක්‍රීඩාවේදී දිය යට කිමිදීමට භාවිත කරන වරල් සහ මාස්ක් ඇතුළු උපාංග භාවිත කිරීම අනිවාර්යයි. 

මේ ක්‍රීඩකයන් දෙදෙනාගේම වළලුකරේ රිබන් පටියක් ගැට ගසා තිබෙනවා. තමන්ගේ රිබන් පටිය රැකගනිමින් අනෙකාගේ රිබන් පටිය ගලවා ගැනීම තමයි ක්‍රීඩාවෙදි කරන්න තියෙන්නෙ. බොහොම හොඳ විනෝදයක් ලබන්න පුළුවන් ක්‍රියාකාරකමක් වුණත් ආරක්ෂාව ගැන හොඳ සැලකිල්ලකින් යුතුව මීට සහභාගී වීම වැදගත්.