2017 ජුලි 29 වන සෙනසුරාදා

සියදිවි නසාගන්නා අ‍යෙකුගේ කේන්ද්‍රය බලමු

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 365

මේ දිනවල සියදිවි හානිකර ගැනීම එක්තරා රටාවක් බවට පත්ව තිබේ. ඇතැම් අය සුළු සිද්ධිවලදී පවා දිවි තොරකර ගැනීමෙන් සියල්ල අවසන් කරගැනීමට උත්සහ කරති. මෙවැනි සිතුවිල්ලක් කෙනෙකුට පැමිණය හොත් එය ක්‍රියාවට නැගීමට ප්‍රමාද කළහැකි නම් ඊළඟ මොහොතේ ඔහුගේ සිතුවිල්ල වෙනස්වී සිදුනොවනවා ඇත. එහෙත් මෙය නිච්චියටම සිදුවීමට කේන්ද්‍රයේ ග්‍රහබලය හේතුවේ.

ආරූඩ ලග්නය අනුව මෙලෙස සියදිවි හානිකර ගන්නන්ගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම සලකා බලමු. උදා ලග්නයෙන්, චන්ද්‍ර, සූර්ය ග්‍රහ වලින් නොපෙනෙන ඔබේ ආත්මීය පින හෝ පව නවීකරණය කර පෙන්වන්නේ ඔබේ ජන්ම පත්‍රයේ සැඟවී ඇති ආරූඩ ලග්නයෙනි. 11 අනුව ලග්නාධිපති 12 වැන්නේ නිසා ආරූඩ ලග්නයේ 11 වැන්නේ ඇත. එය රූපසටහනේ A.L. යනුවෙන් දක්වා තිබේ.

දශාව කුමක් හෝ වේවා මෙවැනි ජන්මීන්ට වයස අවුරුදු 12 සිට 22 දක්වා කාලයේ මාරක අගුණ තිබේ. ඔබ විවාහක නම් පොරොන්දම් සියයට සීයයක් ගැලුපුනද, ඔබේ විවාහ දිවියේ ක්ෂණික ගැටලු ඇතිවීමේ ඉඩකඩ වැඩිය. මෙම ගැටලු නිසා සියදිවි නසාගැනීම කෙනෙකුගේ අඥාණකම පිළිඹුවන අතර මරණයෙන් පසු සදාකාලීවම අපාදුක් විඳීමට හේතුවන අකුශල කර්මයක් ද වෙයි.

මේෂ, මිථුන, කුම්භ හා තුලා ලග්න හිමියන් ඔබේ ආත්මීය හතුරන් වන අතර මේ අය සමඟ විවාහ වී සිටී නම් විවාහ ජීවිතයේ ගැටලු පැනනගී. මෙතෙක් ඔබ විවාහවී නොමැතිනම් එවැනි විවාහයක් සිදුවනු ඇත. සාම්ප්‍රදායික පතපොතේ ඇති ගතානුගතික මතවලට වඩා හාත්පසින්ම ආරූඩ ලග්න පද පිළිබඳ මත වෙනස් වේ. එහෙත් තර්කානුකූලය.

සාම්ප්‍රදායික මතවල ඵල්බෙමින් පොරොන්දම් බලා සියයට සීයයක් නිවැරදි බව පැවසුවද එවැනි අය අමාරුවේ වැටීම නොවැළැක්විය හැකිය.

මෙවැනි ජන්මීන් විශේෂයෙන්ම මහජන උද්ඝෝෂණවලට නොයා යුතුමය. වෙනත් කෙනෙකු අතින් ඔබ මියයාමේ ප්‍රවණතාව වැඩිවේ. විශේෂයෙන්ම අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලදී කුමන හෝ බරපතළ වේදනාවක් ගෙනදීමට විශ්ව ග්‍රහචාරය සූදානම්ව සිටී. රූපසටහනේ සඳහන් ග්‍රහචාරය පිහිටනවා නම් අන්අයකු අතින් මියයාමට වඩා ඔබ විසින් ඔබව මරණයට පත්කරනු ලැබීමට ඇති ඉඩ වැඩිය. මෙම ජන්ම පත්‍රය දැනට සියදිවි නසාගෙන ඇති හෝ සියදිවි නසාගැනීමට සිතා සිටින කෙනෙකුගේ හෝ ඉදිරියේදී එම අදහස ක්‍රියාත්මක කිරීමට නියමිත කෙනෙකුගේ ජන්ම පත්‍රයෙකි. එහි උපත වර්ෂ 1990 වන අතර මාසය හා දිනය රහසිගතව තබාගෙන ඇත.

ජ්‍යෙතිෂවේදී කේ.එච්. සරත් මහින්ද