2017 අගෝස්තු 4 වන කිවි දින ග්රහමණ්ඩලයේ බිහිසුණු සිදුවීම් ඇතිකිරීමට සමත්වන්නාවූ යුරේනස් තමාගේ සුපුරුදු ගමන් රටාව වෙනස් කරමින් ආපසු හැරි ගමන් කරනු ඇත. කේතුට අයත් අස්විද නැකතේ දෙවන පාදයෙදී මෙසේ ආපසු ගමන් කරන යුරේනස් 2018 ජනවාරි පළමුවන දින දක්වාම ආපසු ගමනින් මේෂ රාශියෙහි කේතුට අයත් අස්විද නැකතේ යයි.
අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී එතරම් ශුභවාදී වකවානුවක් අපට උරුම නොවේ. විශේෂයෙන් මෙම කාලසීමාව තුළ මහජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීමත් ආගම දහමට එකඟව කටයුතු කිරීමත් යහපත් වේ. මහජනයා රැස්වන ස්ථාන ආශ්‍රිතව අශුභ සිදුවීම් වර්තාවනු ඇත. ගොඩනැගිලි/ ව්‍යාපාරික ස්ථාන හදිසි ගිනි ගැනීම්වලට ලක්වීමට හෝ කඩාවැටීමට සිදුවන අතර ඒ හේතුවෙන් ජීවිත තර්ජන ද ඇති වේ. මෙම කාලය දුම්රිය අනතුරු වැඩි වකවානුවක් ද වනු ඇත. කාර්, බස්, ලොරි වැනි මහජනයාගේ ගමනා ගමනයට යොදාගන්නා රථ වාහන ගිනිගැනීම් ද අනතුරට ලක්වීම් ද වැඩියෙන් සිදුවන කාලයකි. අධිකරණ ආශ්රිත නීතිමය ගැටලු පැනනගින අතර ආගමික කටයුතු පිළිබඳ මත භේද ඇතිවීමට ඉඩ ඇත. මෙම වකවානුව තුළ මහජනයා රැස්කරමින් රැස්වීම් පැවැත්වීමේදී පරිස්සම් විය යුතුය. මෙවැනි රැස්වීම්වලදී මහජනයාට මැර ප්‍රහාර එල්ලවීම් ද සිදුවනු ඇත. දුම්රිය, තැපැල්, විදුලි ආශ්‍රිතව කටයුතු කරන සේවකයන් අතර ගැටලු හේතුවෙන් උද්ඝෝෂණ හා වර්ජනද ඇතිවනු ඇත. දේශපාලන ක්ෂේත්රයේද විප්ලවීය පෙරළියක් ඇතිවන්නාවූත් කාලවකවානුවක් වේ. රජයේ භාණ්ඩ ගබඩාවක් ගිනිගැනීමට ලක්වීමක් සිදුවේ.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී මහජනයාට පොදුවේ අයහපත් වේ. විවිධ හේතු මත ජීවිත විනාශයට පත්වන්නාවූත් වකවානුවක් වේ. බිහිසුණු යුද ගැටුම් පිපිරීම් හේතුවෙන් ජීවිත මෙන්ම දේපළ ද විනාශයට පත්වනවා ඇත. මගීන් රැගත් යාත්‍රාවක් විනාශයට පත්වීමෙන් ජීවිත 100කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමක් අසන්නට ලැබේ. භූ චලන ඇතිවීමත් ගිනිකඳු විධාරණය වීමක් ද සිදුවන අතර රිච්ටමාපාංක 7 ඉක්ම වූ භූ චලන සිදුවනු ඇත. ලැව් ගිනි, සුළි කුණාටු වැඩි වශයෙන් ඇති වේ.
මේෂ - අවදානම් කාලයක්
ඔබගේ ශරීර ශක්තිය යහපත් නොවනු ඇත. අවදානම් කටයුතුවලින් ඈත්ව සිටීම වැදගත්ය. හවුල් කටයුතුවලින් ද ඵල නොලැබේ. විශාල අන්දමේ මුදල් යෙදීම මෙම වකවානුව තුළ නොකළ යුතුවේ.
වෘෂභ - සතුරු කරදර
හදිසි ශරීර පීඩාවලට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුවේ. සැඟවුණු සතුරු කරදරවලට ලක්වේ. ආර්ථික අපහසුතා තදින් දැනෙන කාල වකවානුවකි.
මිථුන - සිතේ සහනය අඩුවේ
තම හිත මිතුරන් සමඟ සිත් අමනාපකම් ඇති වේ. හවුල් කටයුතුවලින් ඵල නොලැබෙන්නාවූත් සිතේ සහනය අඩු වන්නාවූත් කාලයකි. ලැබීම් මාර්ගවල අවහිරවීමක් මෙම කාලය තුළ සිදුවනු ඇත.
කටක - ආත්ම ගෞරවයට හානි
භූමිය ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න ඇතිවන අතර ආත්ම ගෞරවයට බලපෑම් ඇතිවියහැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සිතේ සහනය අඩු වී යන වකවානුවක්ද වේ.
සිංහ - පවුලේ මතභේද
සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවියහැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වනු ඇත. විදේශගතවීමේ බලාපොරොත්තුවෙන් සිටි අයගේ අපේක්ෂා කඩවනු ඇත.
කන්‍යා - තැන්පත් ධනය පිරිහේ
ඔබට අයහපත් ඵල අත්වන අතර හදිසි ශරීර පීඩාවකට ලක්වියහැකි බැවින් ඉතා ප්‍රවේසමෙන් මෙම කාලය තුළ කටයුතු කළයුතු වේ. තැන්පත් ධනයද අනවශ්‍ය ලෙස වියදම් වී යනු ඇත.
තුලා - සතුරු පීඩා
ව්‍යපාරික කටයුතුවල නිරතවී සිවින අයට ගැටලු ඇතිවන වකවානුවකි. සතුරු පීඩා ගැන අවධානයෙන් සිටීම වැදගත්වේ. පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර ශරීර ශක්තිය හීනවනු ඇත.
වෘශ්චික - ලෙඩ රෝග
ඔබට අයහපත් ඵල අත්වන වකවානුවක් වනු ඇත. හදිසි ශරීර පීඩා ලෙඩ රෝග ඇතිවේ. ගමන් බිමන්වලදී ප්‍රවේසම් වීම වැදගත්ය. ආර්ථික අපහසුතාද තදින් ඇතිවන කාලයකි.
ධනු - ආවේගශීලි ගති
ඔබගේ හිත මිතුරන් ඔබ සමඟ අමනාපකම් ඇතිකර ගන්නාවූත් වකවානුවක් වේ. සිත ආවේගශීලි ගතියෙන් යුක්ත වීම හේතුවෙන් අන් අය සමඟ ආරවුල් ඇතිකරගනී. තමාගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා ඇසුරු කිරීමේදී සිත් බිඳීයාම් විය හැකිය.
මකර - වැඩ අධිකයි
ඔබගේ ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න මතුවි යහැකි අතර දේපල මිලදී ගැනීමේදී කල්පනාකාරී වීම වැදගත් වේ. සිතට සහනයක් දැනුනද අධික වැඩ හේතුවෙන් කලකිරීම්වලට ලක්වනු ඇත. කොන්ද ආශ්රිත පීඩාවක් මතුවේ.
කුම්භ - දුර ගමන්
තම සහෝදර සහෝදරියන් සමඟ සිත් අමනාපකම් ඇතිවන කාලයකි. දුර ගමන් යෙදෙන අතර සිතට අවිවේකී ගති ඇති වේ. තමන් අදහන ආගමට නැඹුරුව කටයුතු කරන්නාවූත් වකවානුවක් වේ.
මීන - හදිසි ශරීර පීඩා
ඔබට අයහපත් ඵල අත්වන අතර හදිසි ශරීර පීඩා ගෙන දෙන්නාවූත් වකවානුවක් වේ. හිතමිතුරන්ගෙන්ද ප්‍රශ්න කරදර ඇතිවන අතර තැන්පත් ධනයද වියදම් වෙයි. පිලිස්සීම් හා හදිසි තුවාල ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් ෙය්ෂණායතනය,
ඔලබොඩුව, ගෝනපල.