2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

කලාවට ලතාවට හදන JAM එකේ Rolling අයිස්ක්‍රීම්

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

Rolling අයිස්ක්‍රීම් කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ අපේ රටේ දකින්න ලැබුණෙ නැති අයිස්ක්‍රීම් ජාතියක්. හැබැයි දැන් රෝලිං අයිස්ක්‍රීම් රහ බලන්න අපිට පිටරට යන්න ඕනෙ නැහැ. කොළඹ තිඹිරිගස්යාය පාරේ රෝලිං අයිස්ක්‍රීම් වෙනුවෙන්ම විවෘත වුණු අවන්හල තමයි JAM.

මෙතැන විවිධ රස වර්ග 20ක් යටතේ අයිස්ක්‍රීම් පිළිගන්වනවා. හැබැයි ඒ වර්ග 20ටම කොටුවෙන්න වුවමනා නැහැ. තමන් කැමැති විදිහට කැමැති රසයක් එකතු කරලා තමන්ගෙ අයිස්ක්‍රීම් එක හදාගැනීමේ අයිතිය අපිට තියෙනවා. 

මේ අවන්හලේ අයිතිකරු තමයි සෆ්රාස්. ඔහුගෙන් ඇහුවම කිව්වෙ අවුරුදු දෙකක් තිස්සේ මේ වාගේ අලුත් තාලේ අවන්හලක් පටන් ගන්න ඔහු සැලසුම් කළා කියලයි. කොහොම නමුත් ඔහුගෙ සැලසුම ගොඩක් හොඳ සැලසුමක් බව කියන්නම ඕනෙ. මෙතැන වැඩියෙන්ම අලෙවිවන අයිස්ක්‍රීම් එක තමයි Funky Monkey & Fruity Blast. එහි මිල රුපියල් පන්සීයයි. 

මේ අයිස්ක්‍රීම් එක පිළියෙල කරන්නෙ හරියට කොත්තු තැටියක් වගේ දෙයක් යොදාගෙනයි. හරි ගාණට උෂ්ණත්වය පාලනය කරමින් හදලා අන්තිමට රෝල් එකක් විදිහට අරන් අයිස්ක්‍රීම් බඳුනේ තැන්පත් කරනවා. ලස්සන කලාත්මක වැඩක්. 

-ධනූ 
ඡායාරූප - You’re my favorite