2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ඔන්න ආයෙත් ජල විපත්!

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

වසර ගණනාවකට පසු ඇමෙරිකාව හරහා දිස්වන්නා වූ පූර්ණ සූර්යග්‍රහණයක් 2017 අගෝස්තු මස 21 සඳු දින සිදුවනු ඇත. ලෝකයේ කිසියම් රටකට හෝ යම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන්නේ වසර ගණනාවකට පසු ඉතා කලාතුරකින්ය. පූර්ණ සූර්යග්‍රහණය සිදුවන ප්‍රදේශය අන්ධකාරයකින් වැසීයන අතර රාත්‍රී කාලය මෙන් දහවල ද පෙනෙනු ඇත. සූර්යාත්, චන්ද්‍රයාත්, පෘථිවියත් සරල රේඛීයව පිහිටීම තුළින් සූර්යග්‍රහණයක් සිදුවේ. චන්ද්‍රයා නිසා සූර්යාගෙන් පෘථිවියට එල්ලවන්නාවූ ආලෝක කිරණ පතිත නොවීම නිසා දිවා කාලය අඳුරින් වැසීයනු ඇත. 

පෘථිවිය තමා වටා කක්ෂගතව පවත්නා වූ සඳ සමඟ සූර්යා වටා වාර්ෂිකව සිදු කරන පර්භ්‍රමණයේදී චන්ද්‍රයා මගින් සූර්යාව මුවා වීමෙන් ග්‍රහණය සිදුවේ. අමාවක පොහොය දිනකදී මෙය සිදුවන නමුත් සෑම අමාවක දිනයකදීම මෙවැනි ග්‍රහණ සිදු නොවේ. මක්නිසාද යත් චන්ද්‍රයාගේ ගමන් මාර්ගය අප පෘථිවියේ ගමන් මාර්ගයට අංශක 5.1ක ආනතියකින් යුක්ත වීමයි. ඒ හේතුවෙන් නිරන්තරයෙන්ම අමාවක දිනවල සූර්යග්‍රහණ සිදු නොවේ. චන්ද්‍රයා මඟින් සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන සූර්යාව වැසීයන්නාවූ ආකාරය අනුව සූර්යග්‍රහණ වර්ග 4ක් දක්නට ලැබේ. පූර්ණ සූර්යග්‍රහණය, වළයාකාර සූර්යග්‍රහණය, අර්ධ සූර්යග්‍රහණය, ද්විත්ව සූර්යග්‍රහණය ඒවාය.

මෙම පූර්ණ සූර්යග්‍රහණය ඇමෙරිකානු ජනයාට වසර ගණනාවකට පසු ජීවිතයේ එක් වරක් පමණක් දැකිය හැකිවන නැවුම් අත්දැකීමක් වෙයි. යම් කිසි ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණක් සිදුවීමෙන් පසු නැවත වරක් එම ප්‍රදේශයට පූර්ණ සූර්යග්‍රහණයක් දක්නට ලැබෙන්නේ වසර තුන්සිය ගණනක් ගතවීමෙන් පසුවය. 

2017 අගෝස්තු මස 21 වන දින සිදුවන පූර්ණ සූර්යග්‍රහණය පැසිපික් වේලාවෙන් උදේ 8.48 ද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.18 ද ආරම්භ වීමට නියමිතයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයට පැසිපික් වේලාවෙන් උදේ 9.25ට මුලින්ම මෙය දිස්වීමෙන් පසු ඉඩාහෝ, චුමින්ග් නෙබර්ස්කා, මිසුරි, ටෙනිසි, දකුණු කැරොලිනා ප්‍රාන්තයට ද දිස්වීමෙන් අනතුරුව අත්ලාන්තික් සාගරය මතින් අවසන් වීමට නියමිත වේ. ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 11.55  ට පූර්ණ සූර්යග්‍රහණයේ මධ්‍ය අවස්ථාව එළඹෙනු ඇත. 

මෙය අප රටට දිස් නොවූවද විදේශීය වශයෙන් ඇමෙරිකානු රටවලටත් අත්ලාන්තික් සාගරය පැසිපික්  සාගරය අවට රටවලටත් දකින්නට ලැබෙන අතර ඉතා අයහපත් වූ ඵල ලබාදෙයි.

බංගලාදේශය, එංගලන්තය, ඩෙන්මාර්ක්, ජර්මනිය, පලස්තීනය, සිරියාව, ජපානය, තායිලන්තය, ප්‍රංශය, ඉතාලිය, සිසිලිය, රුමේනියාව, අප්‍රිකානු රටවල්, චිලී, රුසියාව, පකිස්ථානය, චීනයට බලපෑම් ඇතිවන අතර එහි අන්තර් ඵල අප රටට හා ඉන්දියාවට බලපානු ඇත. රිච්ටර්මාපක 7 වැඩි ඉතා ප්‍රබල භූකම්පනයක් සිදුවන අතර අතුරු භූ චලන මාලාවක් ද හදිසි ජල ගැලීම්, ගංඟා මුහුදු ගොඩ ගැලීම්, නායයෑම් හේතුවෙන් දේපල මෙන්ම ජීවිත විනාශයට පත්වනු ඇත. විශේෂයෙන් මෙම ග්‍රහණය සිදුවීමෙන් අනතුරුවත් හා එයට පෙරත් ලෝවැසියන් ඉතා අවධානයෙන් කල්පනාවෙන් ජීවත් වීම වැදගත්ය. 

මිනිස් ජීවිතවලට අයහපත් බලපෑම් ඇති කරමින් සිදුවන්නාවූ මෙම පුර්ණ සූර්යග්‍රහයේ ඵල කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව විඳීමට ලැබේ. ස්වභාවික අනතුරු මෙන්ම විවිධ වූ බිහිසුණු සිදුවීම්වලට මනුෂ්‍ය සත්ව වර්ගයාටම මුහුණ දීමට සිදුවනු ඇත. රාජ්‍ය පාලකයන්ට තම පාලනය සාර්ථකව සිදු කරගෙන යාමට නොහැකි ලෙස අර්බුද රැසකට මුහුණ දීමට සිදුවේ. අප රටට ද ඉතා අයහපත් බලපෑම් ඇතිවන අතර ස්වභාවික විපත් අධික වකවානුවක් වනු ඇත. විශේෂයෙන් ගංඟා මුහුදු ආශ්‍රිතව ජීවත්වන අය ඉතා කල්පනාවෙන් සිටීම වැදගත්ය. හදිසි ජල ගැල්මකට මුහුණ දීමට ලෑස්තිව සිටිය යුතුය. 

සුළි කුණාටු, කඳු නායයෑම් ද වි මීළඟට ඔබට ඇති වියහැකි බලපෑම් විමසා බලමු.

මේෂ - ව්‍යාපාරවලට යහපත් 

ඔබට ඉදිරි වකවානුව තුළ මිශ්‍ර ඵල උදාවනු ඇත. වැඩ කටයුතු සඳහා කලබලකාරීවුවද ඔබ අතින් අතපසු වීම් ද සිදුවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල වර්ධනය වනු ඇත. කලා අංශයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයට ඉතා යහපත් වකවාවුවක් වේ.

වෘෂභ - ආත්ම ගෞරවයට හානි

ඔබ පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න ඇතිවිය හැක. ඔබගේ ආත්ම ගෞරවයට හානි සිදුවිය හැකි බැවින් ඉතා කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුවේ. සිතට වදදෙන ගැටලු ඇති වන අතර කලකිරීම්වලට, එපාවීම්වලට ලක්වනු ඇත.

මිථුන - සතුන්ගෙන් පීඩා

යම් යම් කටයුතුවලදී ඉදිරිපත් වීමේ ගති ඇතිවනු ඇත. විවාහ සඳහා යම්කිසි අයකු මෙම වකවානුව තුළ තෝරාගන්නේ නම් ඒ ගැන වැඩි සොයා බැලිමක් කිරීම වැදගත් වනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සතුන්ගෙන් යම් යම් පීඩාවන් වියහැකි බැවින් අවධානයෙන් සිටීම වැදගත්ය.

කටක - ආර්ථික අපහසුතා

ඔබගේ කටයුතුවලට යම් යම් බාධක ඇතිවුවද එම කටයුතු ඉටුකර ගතහැකි වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන අතර තමා බලාපොරොත්තු ඵල ලබාගත නොහැකි වනු ඇත. ආර්ථික අපහසුතා තදින් දැනෙන වකවානුවක් වන අතර දුරගමන් බලාපොරොත්තු වූ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවේ.

සිංහ - කටයුතු සාර්ථකයි

තමන්ගේ කටයුතු සාර්ථක කරගත හැකිවනු ඇත. රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වූ අයට යහපත් ලෙස ස්ථාන මාරුවක් හිමිවනු ඇත. අන් අයට යටත් නොවන අවවාද පිළිනොගන්නා ගතියෙන් කටයුතු කිරීමට පෙළඹීම හේතුවෙන් පවුල තුළ ප්‍රශ්න සමගියට බාධා වීම් ඇතිවනු ඇතිවනු ඇත. නීතිමය ගැටලුවකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කන්‍යා - අනවශ්‍ය කරදර

අනුන්ගේ උදව් බලාපොරොත්තුවෙන් උපකාර කිරීමෙන් යහපතක් නොවනු ඇත. අන් අයගේ කටයුතුවලට මැදිවීම සහ අනවශ්‍ය කරදරවලට මුහුණ දීමට සිදුවේ. ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. අසත්‍ය තොරතුරැ තමාට ආරංචි වීම නිසා සිත් අවුල් වේ. බුද්ධිමත්ව සිතා බලා මෙම කටයුතු කිරීම වැදගත්වේ.

තුලා - හදිසි බියවීමක්

මුදල් යොදා කටයුතු කරන අයට මෙන්ම ව්‍යාපාරික කටයුතුවල නිරත අයට යහපත්ය. හදිසි ධනලාබ අත්වේ. යම්කිසි ආකාරයක ආරංචියක් හේතුවෙන් අනවශ්‍ය ලෙස තම ධනය වියදම් වී යනු ඇත. රථ වාහන ධාවනය සිදුකරන අය කල්පනාකාරීව කටයුතු කළයුතු අතර හදිසි භයවීමක් ඇතිවිය හැක.

වෘෂ්චික - රැකියා උස්ස්වීම්

තමන්ගේ වැඩකටයුතුවල ප්‍රමාද ගති ඇති වනු ඇත. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු අයට යහපත් ඵල අත්වනු ඇත. උත්සාහයෙන් යුක්තව කටයුතු කරනු ඇත. මෙම වකවානුව තුළ තමා ගැන වැඩිපුර සිතමින් කටයුතු කරනු ඇත. ගෙදර රැඳෙන ප්‍රමාණයට වඩා පිට ස්ථානවල ගතකරන කාලය වැඩිවේ.

ධනු - විදේශ චාරිකා

ධර්මයට ළැදිව කටයුතු කරන්නාවූ කාලයක් වේ. තමාගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. දුරගමන් විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවේ. පවුල් දිවියේ සමගියට බාධා මතු වියහැකි බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වනු ඇත.

මකර - හවුලට හොඳයි

හිතමිතුරන්ගෙන් තමාට යම් යම් ප්‍රශ්න ඇති කරනු ඇත. හවුල් කටයුතුවලින් ඵල අත්කරගත හැකිය. තම කටයුතුවලට විවිධ පාර්ශවලින් බාධා ඇති කෙරේ. ජලය ආශ්‍රිතව කටයුතු කරන අය පරිස්සම් වීම වැදගත්ය. ගනුදෙනු කිරීමේදී පාඩුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව වියදම් කරන්න.

කුම්භ - භූමියෙන් සම්පත්

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වේ. හදිසි මුදල් පාඩුවක් ලබනු ඇත. භූමියෙන් සම්පතක් ලැබීමට ඇත.

මීන - ආර්ථික අපහසුතා

තමාගේ දේවල් රැකගැනීමටත් තමාට එරෙහි වූ සතුරු බලවේග මර්දනය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන අතර නිතර උදාසීන ගති ඇතිවේ. ආර්ථික අපහසුතා ඇතිවන අතර දියුණුවට බාධා ඇතිවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00