2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ආදරය සහ නිර්වචන

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 335

@ ආදරේ කියන්නෙ දෙන දෙයක් විතරයි කියලා හිතාගෙන ඉන්න අයට,

නෑ… ආදරේ කියන්නෙ ගනුදෙනුවක්. කෙනෙක් ආදරේ ඉන්වෙස්ට් කරන තරමට එයාට ආදරේ ප්‍රතිලාභ නොලැබුණොත් එතන ඒ කෙනාගෙ ආත්ම විශ්වාසය හීන වෙන්න පටන්ගන්නවා. අපි හැමෝම දන්නවනෙ, ආත්ම විශ්වාසය නැතුව ජීවත් වෙනව කියන්නෙ මළ කඳක් එක්ක ජීවත්වෙනව වගේ කියලා. අපි කවුරුවත් කැමති නෑ අපේ පාට්නර් මළ කඳක් වෙනවට. විශේෂයෙන් අපි හින්දා…

@ ආදරේ කියන්නෙ කැපකිරීමක් කියලා හිතන අයට,

ඔව්, ඒත් ඒක හැම වෙලාවෙම එහෙම වෙන්න ඉඩ තියන්න එපා. මොකද කැපකිරීමක් කියල කියන්නෙ කැමති දෙයක් අකමැත්තෙන් අතාරිනව කියන එක. ඒකෙන් වෙන්නෙ කැපකරන්නගෙ සතුට-සැනසීම ටිකෙන් ටික අඩු වෙන එක.

@ ආදරේ කියලා කියන්නෙ බොරුවක් කියලා කියන අයට,

හකුරු වලට ආපු ආදේශකේ සීනි. ඒකෙන් හකුරු වල ගුණාගුණවල වෙනසක් වෙන්නෙ නෑ. ආදරේ කියලා බෝඩ් එක ගහලා තිබ්බට කඩේ විකිණුවෙ වෙන දෙයක් වෙන්න පුළුවන්. තවත් හිතලා අවබෝධ කරගන්න…

අම්ම තාත්තගෙ වුණත් සහෝදර සහෝදරියන්ගෙ වුණත් බිරිඳ සැමියා වුණත්, ආදරේ සෙනෙහස කියන්නෙ ලැබෙන තරමට පිපෙන මලක් වගේ. අවශ්‍ය මූලද්‍රව්‍ය හරියකට නොලැබුණොත් මල පොහොට්ටුව කාලෙම කොඩ වෙලා යනවා. අවශ්‍ය ආදරේ ( පොහොර, වතුර, එළිය) වෙනුවට අනවශ්‍ය දේවල් ( තද අව්ව, සැර පෝර, උණු වතුර  ඇණුම් බැණුම්, නොසළකාහැරීම්, පළිගැනීම්) දෙන්න ගියොත් නිස්කාරණේ මල් ගහම විනාස වෙනවා.

I සුහාරා පෙරේරා