2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ප්‍රකට ලේඛකයකුට මාරකයි

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 116

සිකුරු කුම්භයට පැමිණේ

2016 දෙසැම්බර් 29 වන ගුරු දින පාන්දර දෙක පසුවී විනාඩි හතළිස් අටට සිකුරු ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ කුම්භ රාශියට පිවිසේ. සිකුරු අඟහරුට අයත් දෙනට නැකතේ 3 වන 4 වන පාදවලින්ද රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත් ගුරුට අයත් පුවපුටුප නැකතේ 1, 2, 3 වන පාදවලත් සිටින් 2017 ජනවාරි 27 වන දින රාත්‍රි 8 පසුවී විනාඩි 18 දක්වාම කුම්භ රාශියෙහි ගමන් කරනු ඇත.

සිකුරු කුම්භ රාශියෙහි ගමන් කිරීම තුළින් අපරටට ඇති වන්නාවූ බලපෑම විමසා බැලීමේදී මහජනයා අතර අසත්‍ය තොරතුරු ප්‍රචලිත වනු ඇත. ආගමික ප්‍රශ්නයක් මතුවී මට ඉඩතිබේ. දරුවන් සම්බන්ධ අපරාධ ක්‍රියා වාර්තාවන අතර රංගන හා ගායන ක්ෂේත්‍රවල නියැලි කලාකරුවකුට හෝ සහිත්‍යධරයකුට මාරක අපල ගෙන දේ. විදේශීය වශයෙන් දුම්රිය අනතුරු වාර්තාවන අතර ලේඛන කටයුතු ග්‍රන්ථ කටයුතුවල නියැලි අයකුට මාරකවනු ඇත. 

මේෂ - හවුලට හොඳයි

ඔබට යහපත් ඵල උදාවන අතර හවුල් කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. හිත මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවේ. කලාකටයුතුවල නිරතව සිටින අයට යහපත් ඵල උදාවනු ඇත.

වෘෂභ - රථවාහන මිලට ගැනීම්
තම මතයට අනුව කටයුතු කරන වකවානුවක් වේ. ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමට යහපත් වූ වකවානුවක් වේ. යම් යම් කටයුතු සඳහා විරුද්ධවාදීන් ඇති වනු ඇත. 

මිථුන - කැපී පෙනේ

තමා ගැන වැඩිපුර සිතා කටයුතු කරන්නා වූ වකවානුවකි. තමාව අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. තරග විභාග වලින් ජයග්‍රහණය අත් කර ගත හැකි වනු ඇත. 

කටක - උරුම ලැබේ

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් යහපත් වන්නා වූ කාල වකවානුවක් වේ. පියාට තරමක් අයහපත්වේ. උරුම හිමිකම් ලැබිය හැක. අනවශ්‍ය වියදම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව වියදම් කළ යුතු කාලයක් වේ. 

සිංහ - මංගල යෝජනා

අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වන අතර හවුල් කටයුතුවලින් ඵල ප්‍රයෝජන අත්වන වකවානුවක් වේ. හිත මිතුරන්ගෙන්ද උදව් උපකාර හිමිවනු ඇත. 

කන්‍යා - උගුරට පීඩා

ඔබගේ යම් කිසි දෙයක් නැති වී ඇත්ද එය නැවත ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඔබගේ යම් යම් කටයුතු සඳහා විවිධ අයගෙන් බාධා කිරීම් ඇතිවනු ඇත. උගුර ආශ්‍රිත පීඩාවක් ගෙන දෙනු ඇත.

තුලා - ආදරය ලැබේ

ආර්ථික අපහසුතා ඇතිවනු ඇත. අන් අය අතර ආකර්ශනයට ආදරයට පාත්‍ර වනු ඇත. කලා කටයුතුවල නිරතව සිටින අයට යහපත් වූ ඵල ලැබෙනු ඇත.

වෘශ්චික - සතුට අඩුයි

ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමට යහපත් වූ කාල සීමාවක් වනු ඇත. සිතේ සතුට අඩු වකවානුවක් වේ. අවිවාහක අයට මංගල යෝජනා ලැබුණද ඒවා නොගැලපෙන යෝජනා වනු ඇත.

ධනු - ලිංගික ආකර්ෂණය

බාහිර හැකියාවන් පිළිබිඹු කිරීමට හැකි වකවානුවකි. හවුල් හා ව්‍යාපාර කටයුතු වලින් ඵල ලබනු ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට නතුවනු ඇත.

මකර - පැසසුමට ලක්වේ

අන් අයට ප්‍රිය වන තමාව පැසසුමට ලක්වන වකවානුවක් වේ. කලා ක්ෂේත්‍රයේ නියැලිව සිටින අයට යහපත් වන අතර තමාගේ යම් යම් කටයුතු සඳහා විරුද්ධවාදීන් ඇතිවනු ඇත. 

කුම්භ - අතමිට සරුවේ

ඔබට යහපත් ඵළ උදාවන අතර අතමිට සරුවන්නාවූ වකවානුවක් වේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වන අතර හිත මිතුරන්ගෙන්ද උදව් උපකාර අත්වනු ඇත.

මීන - සැඟවුණු අනතුරු

ඔබගේ කටයුතු සඳහා විරුද්ධවාදීන් ඇතිවනු ඇත. සැඟවුණු සතුරු කරදරවලට ලක්වනු ඇත. තමාගේ කීර්ති නාමය හානියට පත්වන්නාවූත් කාල වකවානුවක් වේ. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00