2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

රාශි සහ ග්‍රහ රෝග හඳුනාගන්න

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 427

රාශි දොළහෙන් ඇතිවන රෝග ජ්‍යොතිෂයේ මෙසේ දැක්වේ.

මේෂ

හිසරදය සහ හිස පදනම් කොට ඇති රෝග, නාසාර්දනය (Neuralgia), සිහිමුර්ජාව (Coma), නින්ද නොයෑම, මොළයේ ආබාධ, රත්තපාතකය, දැවිල්ල.

වෘෂභ

කොන්ද පහළ කොටස, බෙල්ල, උගුර, ආශ්‍රිත රෝග, අර්ශස්, සෘතු දෝෂ, සමාජ රෝග, මලබද්දය, මොළයේ ලේ කැටි ගැසීමක් නිසා හෝ ඇති වෙන නිර්වින්දනයක් හෝ අඩපණ වීමක්.

මිථුන

ළය පිළිබඳ රෝග, වියලි කැස්ස, නිව්මෝනියාව, හතිය, ක්ෂය රෝගය, Bronchitis, අත් හා උරහිස් රෝග, Esonophilia.

කටක

උදරාබාධ, ගැස්ට්‍රික් ආබාධ, බඩවැල, කැස්ස, විෂාදතාව, (Melancholia) නිස්ටිර්යාව හෙවත් මායා රෝගය.

සිංහ

රුධිර දෝෂ, හතිය, කොන්ද හා හදවත් රෝග කලාන්තය, ලේ හිඟකම, ධමනියක් ප්‍රමාණයට වඩා විශාල වීම Hoprramia (හොපර්මියා) Asterio Scierosis (ඇස්ටිරියෝ).

කන්‍යා

පණු අමාරු, උදරාබාධ, කොලරා, ඇපෙන්ඩිසයිසිස්, බඩයෑම, විටමින් බී හිඟකම, මන්ද පෝෂණය.

තුලා

වකුගඩු,  මුත්‍රාබාධ, රූමෙටික් ආබාධ, එග්සීමා, හර්නියා හා හමේ රෝග.

වෘශ්චික

මුත්‍රාශයේ හා ලිංගේන්ද්‍රිය අබාධ, පීනස් වර්ග, ගර්භාෂයේ ආබාධ, සමාජ රෝග, සෘතු දෝෂ, නාසය තුළ අබාධ, ශ්වේතරිකය (Leucorrhoea) , පුරස්ථික ග්‍රන්ථිය රෝග (Prostrotegland) සම්බන්ධ

ධනු

තුනටිය කලවා අශ්‍රිත, රූමෙටික් හතිය (සයටිකාව), ශරීර චලන පාලනය නැතිවීම

මකර

හම, දනහිස, උදරය, රූමෙටික් ආබාධ, ස්නාසාර්දනය, විෂාදතාව, ලාදුරු, (ස්වේතචර්මය) රුධිර දෝෂ.

කුම්භ

දනහිස (ජලශෝතය) හදවත් රෝග හම හා ඇස ශිරා ගැට ඇතිවීම.

මීන

පාදය, බඩවැල හා මත්පැන් නිසා ඇතිවන ආබාධ (ජලශෝතය).

ග්‍රහයන්ගෙන් ඇතිවන රෝග

ග්‍රහයන් සංයෝගයෙන් ඇතිවන රෝග මේවාය.

රවි

හදවත් රෝග, ඇස, තද හිසේ රුදාවන්, උණ රෝග, අපස්මාරය හා මොළයට බලපාන රෝග, Polpus (පොලිපස්)
ශනි සමඟ පාප පීඩිත වුවහොත් අඩු රුධිර පීඩනය, ගුරු සමඟ පාප පීඩිත වුවහොත් වැඩි රුධිර පීඩනය හා කුජ සමඟ වුවහොත් හදවත් රෝග.

සඳු

වම් ඇස, ළය, මනසට බලපාන රෝග, ළැම, රුධිර දෝෂ, සෙම, ස්ත්‍රියගේ නම් දකුණු ඇස, උදරය අඩපණ වීම්, ඔල්මාදය, නිස්ටීරියාව, කැස්ස, ළය, පීඩන රෝග, ගෙඩි හට ගැනීම්, බ්‍රොන්කයිට්ස්, පිළිකා, බඩවැල් රෝග, peritonitis පරිතානදාහය.

කුජ

ලේ විෂවීම, හදවත් රෝග, කැපුම් තුවාල, දද, රුධිර දෝෂ, (prostrate glands), පුලස්තිය ග්‍රන්ථිය, granos (ගර්භාෂ ගත රෝග) redaonemarrow ඇතුළු රෝග.

බුධ

ස්නායු, ළය, උණ රෝග, (වෛරස් රෝග), අපස්මාරය, විෂවීම, නාසය, hishlever (හිස්ලිවර්) හොරි, දද, අංශ භාගය, කොලරා, ගැස්ම, මුඛයේ සහ හමේ රෝග, ළය පීනස් රෝග, උදර රෝග.

ගුරු
අක්මා, වකුගඩු, කහ උණ, ජලශෝතය, කන, ස්ථුල වීම, හර්නියා, මතකය අඩුවීම, ඇලදීව ආශ්‍රිත, අජීර්ණය.

ශුක්‍ර

ඇස් රෝග, සමාජ රෝග, ජලශෝත, මුහුණ, මුත්‍රාබාධ, ලිංගික දුර්වලතා, ගර්භාෂය, හම, දියවැඩියව, උගුර ආශ්‍රිත රෝග, ගොනෝරියා, කබර, ලාදුරු.

ශනි

දත් හා විදුරුමස් රෝග, පාදය, හම, රූමෙටික්, ඇට මිදුළු, අංශ භාගය, බිහිරි වීම, දරුණු උණ රෝග, වසූරිය, කුජ සඳු සංයෝග වුණොත් කොන්දේ ආබාධ, (රාහු සහ කේතු රාශියේ පමණක් ලෙඩ රෝග දෙයි.)

ජ්‍යොතිර්වේදී
පානදුරේ රෝහන් වීරරත්න