2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

මැතිවරණවලදී නව දේශපාලන බලවේගයක් පෙරමුණට

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

ග්‍රහ මණ්ඩලයේ බුද්ධිමත්ව ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා සිකුරුට අයත් තුළා රාශියට 2017 සැප්තැම්බර් මස 12 වන කුජ දින උදේ හය පසුවී විනාඩි 49ට පිවිසේ. තුලා රාශියෙහි අඟහරුට අයත් සිත නැකතේ තුන්වන හතරවන පාදවලත් රාහුට අයත් සා නැකතේ සම්පූර්ණවත් ගුරුට අයත් විසා නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් ගමන් කරයි. බ්‍රහස්පති 2018 මාර්තු 9 වන දින වක්‍ර වෙමින්ද නැවත 2018 ජුලි 10 වන දින සිට සුපුරුදු ගමනින්ද 2018 ඔක්තෝම්බර් මස 10 වන දින රාත්‍රි හත පසුවී විනාඩි තිස්හතරක් දක්වාම තුලා රාශියෙහි ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදි අධිකරණ තීන්දුවකට මහජන ප්‍රසාදය හිමිවනු ඇත. අධ්‍යාපන කටයුතු ආශ්‍රිතව නව නීති පනත් සම්මත වන අතර ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් රජය මගින් සුබදායි වු වැඩ කොටසක් දියත් කරයි. මහජනතාවගේ සිත් භක්තියෙන් පිරීයන වකවානුවක් වන අතර ආගමික ස්ථාන කෙරෙහි මහජනයා වැඩිවශයෙන් ඇදියන්නාවූත් කාලයකි. ආගමික කටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශව අතර වාද විවාද ඇති වනු ඇත. රටේ සාමයට බාධා වීම් ඇති වන අතර රාජ්‍ය පාලනයට විවිධ වූ බලපෑම් එල්ල වේ. හවුල් පක්ෂ කැඩී යන අතර මෙම වකවානුව තුළ මැතිවරණ රැස්වීම් ආශ්‍රිතව ප්‍රචණ්ඩත්වය ඉහළ යයි. මැතිවරණ වලින් පවතින රජයට පැහැදිලි ජයග්‍රහණයක් ලබාගත නොහැකි වන අතර නව දේශපාලන බලවේගයක් ජනතා ආකර්ශනයකින් ජය ලැබීමක් සිදුවේ. 

මේෂ - අධ්‍යාපන ජය

ඔබට අයහපත් නොවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵලද තරඟ ජයද ලබාගත හැකි වනු ඇත. තමන්ගේ කීර්ති නාමය ප්‍රසිද්ධ වන්නාවූත් වකවානුවක් වේ. හවුල් කටයුතු වලින් ඵල අත්වන අතර ආර්ථික වාසිද අත්වේ. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරිව කටයුතු කළ යුතුවේ. 

වෘෂභ - සබඳතා ඉහළට

මිශ්‍ර ඵල අත්වනු ඇත. තමන්ට එරෙහිව පවතින්නාවූ සතුරු බලවේග මර්දනය කරගැනීමට හැකිවනු ඇත. තමාගේ සේවකයන්ගෙන් උදවු උපකාර හිමිවනු ඇත. ඥාති සම්බන්ධතා බැඳීම් වර්ධනය වනු ඇත. අාර්ථික අපහසුතා තදින් දැනෙන තැන්පත් ධනය වැයවන කාලයකි. විශාල වශයෙන් මුදල් යෙදවීම් කිරීමේදි කල්පනාකාරි විය යුතුය. 

මිථුන - බුද්ධිමත් තීරණ

ඔබට යහපත් ඵල අත්වනු ඇත. අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කළ හැකිවේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල උදාවනු ඇත. ආගමික කටයුතුවල වැඩි වශයෙන් යෙදේ. පවුල් දිවියේ සතුට වර්ධනය වේ. 

කටක - අලුත්දේ ඉගෙනුමට

ඔබටත් යහපත් ඵල අත්වනු ඇත. උරුම හිමිකම් ලැබෙනු ඇත. නව දේපලක් මිලදී ගැනීමටද යහපත් වකවානුවකි. රැකියා සේවා ස්ථානයේදී අන් අයගේ ගෞරවයට පැසසුමට ලක්වනු ඇත. අලුත් දේ ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. සැඟවුණු සතුරු කරදර ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටිය යුතුවේ.

සිංහ - හිතවතුන්ගෙන් උපකාර

ඔබට මිශ්‍ර ඵල අත්වනු ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. හිතවතුන්ගෙන් උදව් උපකාර හිමිවනු ඇත. පවුලේ සාමාජිකයන් අතර සමගිය වර්ධනය වේ. සිතේ ප්‍රශ්න ඇතිවීම හේතුවෙන් ආවේගශීලිව කටයුතු කරන්නට පෙළඹීම නිසා ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. 

කන්‍යා - වචනයේ බලය

ඔබටත් මිශ්‍ර ඵල අත්වනු ඇත. තමාගේ වචනයට අන් අයව වශී කරගත හැකි වකවානුවක් වනු ඇත. ධනහානි යෙදෙන මුත් ආර්ථික වාසිද අත්ෙව්. සේවා ස්ථානයේදී අන් අයගේ ගෞරවයට පත්වනු ඇත. යම් යම් කටයුතු ඉටු කර ගැනීමට යාමේදී ප්‍රමාද වෙයි.

තුලා - පවුලේ සමගිය

විශාල අන්දමේ වියදම් යොදා ආයෝජන කටයුතු සිදු කිරීමේදී පරිස්සම් විය යුතුවේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට තරඟ ජය ගත හැකි වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වේ. අධිෂ්ඨානයෙන් ප්‍රයෝජන ගනිමින් තම ජීවිතයේ වැදගත් ඉදිරි පියවරක් තැබීමට හැකියාව ලැබේ. 

වෘෂ්චික - සතුරු බලවේග

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබට එරෙහි බලවේග ක්‍රියාත්මක වන වකවානුවක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වි සිටින අයට අයහපත් වන අතර වරින් වර බාධා එල්ල වේ. ආර්ථික අපහසුතා ඇතිවන අතර තැන්පත් ධනයද වැයවේ. 

ධනු - හවුලට යහපත් 

ඔබට යහපත් ඵල අත්වනු ඇත. ඔබගේ හිතමිතුරන්ගෙන් ආධාර උපකාර ලැබෙන අතර ආර්ථික වාසිද හිමිවේ. ඔබේ දැනුමට අලුත් දෙයක් එක්කර ගැනීමටත් තරග වලින් ජයග්‍රහණය කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වේ. 

මකර - කටයුතු සාර්ථකයි

තම මතයට අනුව කටයුතු කරමින් ඔබගේ කටයුතු රැසක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත්ය. රැකියා ස්ථානයේදී අන් අයගේ ප්‍රසාදය හිමිවේ. නව දේපලක් මිලදී ගැනීමට යහපත් වනු ඇත. 

කුම්භ - දුර බැහැර ගමන්

ඔබට යහපත්ය. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට යහපත්ය. තරඟ ජය අත්කර ගත හැකි වනු ඇත. ආගමික කටයුතු වලට සහභාගි වන අතර දුර බැහැර වන්දනා ගමන් යාමට අවකාශ ලැබෙනු ඇත. යහපත් හිත මිතුරන් තමාට හමුවන වකවානුවක් වේ.

මීන - ආර්ථික අපහසුතා

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ආර්ථික අපහසුතා ඇතිවන්නාවූ වකවානුවකි. පවුල් දිවියේ ගැටලු මතුවනු ඇත. රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වන්නේ නම් එය ඉටුවේ. තමාට නොගැලපෙන අය ඇසුරට එක්වන බැවින් ඇසුරුකරන්නන් ගැන සැලකිලිමත් වන්න. 

ජ්‍යොතිෂ නන්දන 
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී  ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00