2017 ඔක්තෝබර් මස 15 වන ගුරු දින රාත්‍රි දහය පසුවී විනාඩි විසිහතරට ග්‍රහ මණඩලයේ සෙන්පති වූ අඟහරු සමඟ ග්‍රහ ලොව මනාලිය වූ සිකුරු යුධ සංග්‍රාමයක නිරත වේ. මෙහිදී රවිට අයත් වූ සිංහ රාශියේ කිවිට අයත් පුවපල් නැකතේ හතරවන පාදයේදී ග්‍රහයින් දෙදෙනාම එකම අංශකයකදී එකිනෙකා අභිබවා ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් අඟහරුගෙත් සිකුරුගෙත් අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත පතිත වනු ඇත. මෙහි බලපෑම ඉදිරි දින 90ක් වනතුරු පවතී.
අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී විදේශීය ආයෝජන රට තුළට එන අතර මහජනයාගේ සෞඛ්‍ය පිරිහීමකට පත්වන වකවානුවක්ද වේ. තවද කාන්තා අභිවෘද්ධිය ඇතිවන කාලයකි. මුදල් හෝ රත්‍රන් මුතුමැණික් හොර රහසේ අප රටින් විදේශයකට රැගෙන යාමටත් නීති විරෝධි ද්‍රව්‍ය විදේශ රටකින් මෙරටට රුගෙන ඒමක්ද සිදුවේ. අප රටට අයහපත් බලපෑම් ඇති කරන පුද්ගලයකු මෙරටට පැමිණීමක් සිදුවන වකවානුවක් බැවින් වරාය ගුවන්තොටුපළ ආශ්‍රිතව කටයුතු කරන බලධාරින් විශේෂ අවධානය යොමු කළ යුතුය. කාලගුණික විපර්යාස සිදුවීමෙන් අධික වැසි, ජලගැලීම් හා නාය යෑම්ද වාර්තා වනු ඇත.
විදේශීය වශයෙන් තම තමාගේ රටවල යුධ ශක්තිය වැඩිකරගන්නා වකවානුවක් වන අතර විනෝද/ නාට්‍යශාලා/ සමාජශාලා ගිනිගැනීමක් හෝ ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමක්ද වාර්තා වනු ඇත.
මේෂ - ප්‍රේම කරන්නහොඳයි
ඔබගේ කටයුතුවලට විවිධ බාධා මතුවුවද විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ඔබව පත්වනු ඇත. ප්‍රේමවන්තයින්ට යහපත් වන අතර ඒ අය අතර බැඳීම් ශක්තිමත්වේ. හවුල් කටයුතුවලින් හොඳ ඵල ලබාගත හැකි වකවානුවක් වේ.
වෘෂභ - කටයුතු සාර්ථකයි
භූමිය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මඟහැරි යන වකවානුවකි. ඔබගේ උත්සාහයන් කැපවීමත් මත ඔබගේ කටයුතු රැසක් සාර්ථක කරගත හැකි වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. ව්‍යාපාරිකයන්ට ලාබ අඩු වන වකවානුවකි.
මිථුන - සිත් බිඳීම්
තමා ගැන වැඩිපුර සිතා කටයුතු කිරීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් සමඟ සිත් අමනාපකම් ඇති වනු ඇත. ශාස්ත්‍රීය හා නිර්මාණ කටයුතුවල නියැලී සිටින අයට යහපත් වනු ඇත. තමන්ට එරෙහිව සිටි සතුරුබලවේග තවත් බලගැන්වේ.
කටක - ඉක්මන් කෝපය
තැන්පත් ධනය වර්ධනය කර ගත හැකි වකවානුවක් වේ. කථිකත්වයෙන් තමා වෙත අන් අය ආකර්ෂණය කරගත හැකි වනු ඇත. ඉක්මන් කෝපගති ඇති වන අතර සිත පාලනය කරගෙන කටයුතු කළ යුතුය.
සිංහ - පින්කම්වලට හිත
විශාල අන්දමෙන් ධනය වියදම් කරමින් කටයුතු කිරීමේදී හොඳින් සිතා බලා තීරණ ගත යුතුය. අන් අයගේ ආකර්ෂණයට ලක්වන අතර පූණ්‍යකටයුතු කෙරෙහි වැඩි කාලයක් ගත කරනු ලබන වකවානුවකි.
කන්‍යා - සතුන්ගෙන්පීඩා
ඔබට යහපත් ඵල අත්නොවනු ඇත. නොසිතු ආකාරයේ කරදර රැසකට මුහුණ දීමට සිදුවන වකවානුවකි. සතුන්ගෙන් පීඩාවක් ඇති විය හැක. අභූත චෝදනා හා ආරංචි අසන්නට ලැබෙන වකවානුවකි.
තුලා - ව්‍යාපාරවලට හොඳයි
ඔබට යහපත් වන අතර ඔබගේ උත්සාහය තුළින් කාර්යයන් රැසක් ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. හිතමිතුරන්ගෙන් උදව් උපකාර හිමිවේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ශුභයි.
වෘෂ්චික - දරුවකුට ජයක්
ඔබට යහපත් ඵල අත්වන අතර රැකියාවේ සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න රැසක් මගහරවා ගත හැකි වනු ඇත. භූමිය සම්බන්ධයෙන් කටයුතු කරන අයට යහපත් ඵල අත්වනු ඇත. තම දරුවකුට කිසියම් ජයග්‍රහණයක් ලැබීමක් ඇති වේ.
ධනු - විදේශ සංචාර
තමා ගැන වැඩිපුර සිතමින් කටයුතු කිරීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් අතර ප්‍රශ්න මතුවනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙනඅයට යහපත් වන අතර විදේශ සංචාරයක් ගත කිරීමට ද හොඳ වකවානුවකි.
මකර - අර්බුදවලට වැටේ
ඔබට එතරම් යහපත් නොවන අතර හිත මිතුරන් නිසා යම් යම් අර්බුදවලට මැදිවීමට සිදුවනු ඇත. ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට යහපත් වකවානුවක් වන අතර තමන් යම්කිසි රැකියාවක නිරත වන්නේ නම් සේවා ස්ථානයේ වෙනසක් ඇතිවිය හැක.
කුම්භ - සමගිය දියුණු වේ
පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. හවුල් කටයුතු ආරම්භයට යහපත් කාලයක් වනු ඇත. ලියවිලිවලට අත්සන් තැබීමේදී පරිස්සම්විය යුතු අතර ණයගනුදෙනුවලදී කල්පනාකාරී වන්න.
මීන - සතුරන් මෙල්ලවේ
ඔබට එරෙහි සතුරු බලවේග මර්දනය කරගත හැකි වකවානුවක් වූවද ඔබගේ කටයුතුවලට විවිධ බාධා මතුවනු ඇත. ඔබට කලින් ලබාගත නොහැකි වූ දෙයක් පවතීනම් එය ලබාගත හැකි වකවානුවක් වේ.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල