දුක් කඳුළු වැහිබරින්
අහස මිරිකුණු හවසක
නැමී තුනටිය
ක්ෂිතිජය ළඟින් පහළට
අහසක් වුණත්
දරන්නේ කොහොමද මේ දුක
මැලේරියාව වැළඳුණු
අඩසඳ මඬල යට
මැසි මදුරුවන් පවා
මෙහෙව් අගනුවර බිහිසුණුය
ඊසාන දෙසින් හැල්මේ දිව එන
කොරපොතු පවා ගැලවෙන මුහුදු සුළඟත්
මුව දොරේ මුමුණනා සුසුමත් උදුරාගෙන
දුවන්නේ විරුද්ධම පැත්තට
දූතයෙක් කොහෙද අදත් අපට
මල් හතයි කෙල්ලේ
කියන්නේ කොහොමද එක හුස්මට
උඹ එවූ කෙටි පණිවිඩයට උත්තර
යටි හිතට පවා හෙණ ගහන හවසට
ඩොමිනික් චන්ද්‍රසාලි