2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

HIT TIPS

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතාගේ MJF සමාජ සත්කාර පදනම මගින් සංවිධානය කරන Moratuwa Night Market වැඩසටහන ඔක්තෝබර් 28 වැනිදා සවස 4.30 සිට රාත්‍රිය වෙනතුරු පැවැත්වෙනවා. එම පදනමේ අනුග්‍රහය ලබන මොරටුව ප්‍රදේශයේ පොඩි ව්‍යාපාරික මහත්ම මහත්මීන් තමන්ගේ නිෂ්පාදන එදාට සාමාන්‍ය ජනතාවට හඳුන්වා දෙනවා. ආහාරපාන විනෝද ක්‍රීඩා සහිත මේ වැඩසටහන නම් පැවැත්වෙන්නේ පෑලියගොඩ පිහිටි MJF සමාජ සත්කාර පදනම් භූමියේයි.

මේ එළඹෙමින් තිබෙන්නේ හලොවීන් සතියයි. බටහිරකරයේ සුප්‍රකට හලෝවීන් මේ වනවිට අපේ රටේත් තැනින් තැන සමරන අවස්ථා දකින්න පුළුවන්. ෆ්ලෙමින්ගෝ හවුස් එවන් වැඩසටහනක් ඔක්තෝබර් 27 වැනිදා රාත්‍රියේ සංවිධානය කරලා තිබෙනවා. මෙහි තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ අවතාරයි. එනිසා අවතාර හා සම්බන්ධ ඇඳුමින් සැරසුණු විනෝදකාමීන් ඔක්තෝබර් 27වැනිදා රාත්‍රියේදී දැකගන්නට ලැබේවි.