2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

හිඟන්නන්ගෙන් බිස්නස් ඉගෙනගමු!

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

උගත් නෝනලා මහත්තුරුන්ලාගෙන් අවසරයි. අද මම ටවුන්හෝල් එකෙන් මේ බස් රථයට ගොඩ වුණේ හොරකමක් වංචාවක් කරලා මුදල් කඩාවඩාගන්න පුරුද්දක් නැති හින්දයි. මගේ පුංචි දුවගෙ නිතර නිතර අසනීප වීමත් එක්ක මම ගියා රිජ්වේ ආර්යා ළමා රෝහලට. එතැන දොස්තර මහත්තයලා මගේ දුවව පරීක්ෂා කරලා කිව්වා එයාගෙ හදවතේ සිදුරක් තියෙනවා කියලා. ඉතින් නෝනාවරුනි මහත්වරුනි මම ලජ්ජාව පැත්තකින් තියලා මේ විදිහට බස් එකකට නැඟලා ඔබතුමාලගෙ දෙපා මුලට ආවෙ මගේ දුවට කරන්න වෙන සැත්කමට රුපියල් විසි ලක්ෂයක මුදලක් හොයාගන්නයි. 

මහමඟ බස් රථවලින් ගමන් කරන කිසිවෙකුට බස් හිඟන්නන් කියන්නෙ අමුතු පිරිසක් නෙමෙයි. එක්කෝ තුවාලයක් එක්ක, නැත්නම් අසනීපයක් ගැන කියමින් බස් එකට නගින මේ කට්ටිය සමහරුන්ට නම් අප්‍රිය දර්ශනයක්. තවත් සමහරුන්ට නම් වගේ වගක් නෑ. 

හැබැයි හිඟාකෑම කියන්නේ ගජරාමෙට සිද්ධවෙන බිස්නස් එකක් බව අපේ රටේ බහුතරයක් දෙනා දන්නවා. ඒ බව මිනිස්සු දන්නවා කියලා හිඟන්නොත් දන්නවා. හැබැයි එහෙම තියෙද්දිත් හිඟාකෑම කිසි අවුලක් නැතිව ජයටම කෙරීගෙනත් යනවා. කොහොමද එහෙම වෙන්නෙ හැබෑට? 

මීට ටික කාලෙකට පෙර ආපු නියම ෆිල්ම් එකක් තමයි ඇඩ්‍රස් නෑ චිත්‍රපටය. ජැක්සන් ඇන්තනීලා, මහේන්ද්‍ර පෙරේරාලා ඒකෙන් හිඟන සමාජය තුළ ඇත්තට තියෙන්නෙ මොනවගේ තත්ත්වයක් ද කියලා හොඳට පෙන්නලා තියෙනවා. 

ඒවා චිත්‍රපටි කතන්දරනෙ. හැබැයි ඇත්තම අත්දැකීමක් ගැන කියන්නත් පුළුවන්. දෙසැම්බර්වලටයි, අවුරුදු කාලෙටයි නුගේගොඩ සුපර් මාකට් එක කිට්ටුවට එන වයස අවුරුදු හැත්තෑවක විතර හිඟන මනුස්සයෙක් ඉන්නවා. මාර්ග සංඥා කණුවකට හේත්තු වෙන මෑන් මුලින්ම කරන්නෙ තමන් අරන් ආපු ඉටිරෙද්ද පාරෙ අයිනෙන් එලන එකයි. ඊට පස්සෙ කඩමාලු බෑග් එකත් ඒක උඩින් තියලා මිනිහා සංඥා කණුවට පිට දීලා වාඩිගන්නවා. තාම වැඩේ පටන් ගත්තෙ නෑ. මිනිහා ඊළඟට කරන්නේ බෑග් එකට අත දාලා පහේ දහයෙ කාසි අහුරකුයි රුපියල් විස්සෙ පනහෙ කොළ ටිකකුයි ඉටි රෙද්ද උඩ අතුරන එක. දැන් වැඩේ හරි. 

මිනිහා කටින් වචනයක් හොල්ලන්නෙ නෑ. අමුතු දුක්බර පෙනුමක් හදාගෙන යන එන අය දිහා බලන් ඉන්නවා. මිනිස්සුත් සල්ලි දාගෙන යනවා එනවා.  විටින් විට මිනිහා බෑග් එකට අත දාලා බ්‍රවුන් පේපර් බෑග් එකකින් ඔතපු බෝතලයකිනුත් මොනවාදෝ පානය කරනවා. 

කොහොම හරි ටිකක් දවස් ගියාට පස්සෙ ඔය හිඟන මනුස්සයා එක්ක කතාබහ කරන්න අවස්ථාවක් ලැබුණා. බලාගෙන යනකොට මිනිහාට රත්නපුරේ පැත්තෙ හොඳට ඉඩකඩම් තියෙනවා. ගෑනියෙක් වගේම දරැවෝ දෙන්නකුත් ඉන්නවා. දරුවොත් දැන් මොනව හරි කෝස් වගයක් කරනවා කියලයි කිව්වෙ. මේ මනුස්සයා නුගේගොඩ කිට්ටුව බෝඩිමක නතරවෙලයි ඉන්නෙ. මාසෙකට සැරයක් ගම්පළාතෙ ගිහින් පවුලට සල්ලි දීලා එනවලු. ඒ අතරේ මිනිහා නුගේගොඩට වෙලා හොඳ සැපේට ඉන්නෙ සතියකට සැරයක් පික්චර් බලන්න ගිහින්, හොඳ රෙස්ටුරන්ට්වලින් එහෙම කෑමත් කන ගමනුයි. 

බිස්නස් කියන්නෙ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිඟා කෑමත් ඒ වගේ බිස්නස් එකක්. මේකෙදි කරන්නෙ දුක, වේදනාව කියන දේ තවත් කෙනෙක්ට අලෙවි කිරිමයි. ඒ අලෙවියෙන් හිඟන්නට සල්ලි ලැබෙද්දි, සල්ලි දීපු මිනිහාට එහෙමත් නැත්නම් ගැනුම්කරුට තමන් හොඳ වැඩක් කළාය කියන තෘප්තිය ලැබෙනවා. අපි හැමෝම සමාජ සත්කාර හොයාගෙන ගිහින් වැඩ කරන්නෙ නෑනෙ. හිඟන්නෙක් ළඟට ආවම ඌට හිතින් බැණ බැණ දෙන රුපියලෙන් අන්තිමේ සතුටු වෙන්නෙ අපේ හිත්මයි. ඒක අපිත් දන්නවා, හිඟන්නත් දන්නවා. 

ජා