මේ වනවිටත් තමාට නීච වූ රාශි භවනක ගමන් කරමින් සිටින රවි ග්‍රහයා සමඟ ග්‍රහලොව මනාලිය වූ සිකුරු යෝග වීමක් 2017 නොවැම්බර් මස 2 වන දින රාත්‍රි 12 පසුවී විනාඩි 3ට සිදුවනු ඇත. ඒ සිකුරු තමාට ස්වක්ෂේත්‍ර රාශි භවන වූ තුලා රාශියට පිවිසීමත් සමඟ වේ. සිකුරු තමාගේ නිවස බඳු තුලා රාශියට පිවිසීම කළද මේ වනවිටත් තුලා රාශියෙහි නීචව ගමන් කරන රවි සමඟ යෝග වීමෙන්. සිකුරුගේ බලය යම්තාක් දුරට දුර්වල වෙයි.
සිකුරු තුලා රාශියෙහි අඟහරුට අයත් සිත නැකතේ තුන්වන හතරවන පාදවලත් රාහුට අයත් සා නැකතේ සම්පූර්ණවත් ගුරුට අයත් විසා නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් ගමනින් 2017 නොවැම්බර් මස 26 වන ඉරු දින රාත්‍රි 10 පසුවී විනාඩි 10 දක්වාම ගමන් කරනු ඇත.
රට තුළ අපරාධ හා දූෂණ ක්‍රියා සම්බන්ධ නඩු බහුලවන්නාවූත් වකවානුවක් වේ. ආගමික කටයුතු සම්බන්ධ නියෝගයක් හෝ වෙනත් ප්‍රශ්නයක් නිසා ජනතා විරෝධය හා කැලඹිලි ඇති වනු ඇත. ස්ත්‍රින්ට හා ළමුන්ට අමානුෂික ලෙස පහරදීම්, ඝාතනය කිරීම් වාර්තා වෙයි. දුම්රිය අනතුරක් සිදුවන අතර තැපැල්/ දුම්රිය ආශ්‍රිත සේවක ප්‍රශ්න ඇතිවනු ඇත. ප්‍රවීණ කලාකරුවකුට විශේෂයෙන් රංගන ගායන ක්ෂේත්‍රයේ නියැලි කලාකරුවකුට මාරක ඇති වන වකවානුවක් වේ.
මේෂ - ව්‍යාපාරවලට හොඳයි
ඔබගේ පවුල් දිවියේ පැවති අසමගිය දුරුවී තව තවත් බැඳීම් ශක්තිමත් වන අතර අවිවාහක අයට යහපත් කලාත්‍රයකු හමුවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අයටද ශුභවේ. හෘදය ආශ්‍රිත රෝග පවතින අය පරිසම්වන්න.
වෘෂභ - සතුරන් පසුබසී
ඔබට එරෙහි සතුරු බලවේග පරාජය කිරීමට හැකියාව ලැබේ. සේවා ස්ථානයේ අන් අය සමඟ සහයෝගය වර්ධනය වනු ඇත. ආර්ථික දුෂ්කරතා ඇතිවන අතර තැම්පත් ධනය වියදම් වන වකවානුවක් වේ. සෙම් ආශ්‍රිත රෝගාබාධ මතුවනු ඇත.
මිථුන - මිතුරන්ගේ සහයෝගය
අධ්‍යාපන කටයුතුවලට පැවති බාධා දුරුවී යන අතර ඔබගේ හිත මිතුරන්ගේ සහයෝගය ලැබෙන වකවානුවක් වේ. ඔබ ළඟින් ඇසුරු කළ හිතවත් අයකු සමඟ සිත් අමනාපකමක් මතුවන බැවින් කථාබහ කිරීමේදී කල්පනාකාරි වන්න.
කටක - සිතේ සතුට
ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ භූමිය ආශ්‍රිතව යම්කිසි ප්‍රශ්නයක් පැවතුණේ නම් එය නිරාකරණය කරගත හැකිවේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. සිතේ සතුට ඇතිවන වකවානුවක් වේ.
සිංහ - බැඳීම් වර්ධනය වේ
ඔබගේ පවුලේ සාමාජිකයන් අතර සහයෝගය හා බැඳීම් වර්ධනය වෙයි. කලා නිර්මාණ කටයුතුවල නිරත වී සිටින අයට ශුභඵල ඇතිවේ. හවුල් කටයුතුවලින් ලාභ අත්වන අතර හිත මිතුරන්ගෙන් සහයෝගය ඔබට ලැබෙනු ඇත.
කන්‍යා - පවුලේ සමගිය
ඔබගේ සේවා ස්ථානයේ අය සමඟ සහයෝගය හිතවත්කම් ඇති කරගත හැකිවුවද ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා එල්ල වේ. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත.
තුලා - ශරීර අපහසුතා
ඔබට යහපත් ඵල අත්වන මුත් ඔබට යම් යම් ශරීර අපහසුතා ඇතිවනු ඇත. අන් අය සමඟ හිතවත්කම් ඇතිවන අතර හවුල් කටයුතුවලින් ද ඵල ලැබේ. කලාකටයුතුවල නිරත වන අයට තම කලා නිර්මාණ එළිදැක්වීමට ද යහපත් වන කාලයක් වේ.
වෘෂ්චික - සිත් කලකිරීම්
ඔබට යහපත් ඵල උදානොවන අතර පවුල් දිවියේද යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිකරනු ඇත. සිත් කලකිරීම් ඇති වන වකවානුවක් වේ.
ධනු - ව්‍යාපාරවලට හොඳයි
ඔබට යහපත් ඵල ලැබේ. නව ව්‍යාපාර ආරම්භයටත් යහපත් අතර පවතින ව්‍යාපාර දියුණු වන්නාවූත් කාලයකි. සහෝදරයන් සමඟ බැඳීම් වර්ධනය වන අතර විරුද්ධ ලිංගික ආකර්ෂණය ද ලැබේ. ආර්ථික වර්ධනයක් වන වකවානුවක් ද වේ.
මකර - පැසසුම් ලැබේ
ඔබටද යහපත් අතර කටයුතු සාර්ථක කරගත හැකි වනු ඇත. අන් අයගේ පැසසුමට ඔබට පත්වන අතර නිවසේ අලුත්වැඩියාවක් කිරීමට ද යහපත් වන වකවානුවක් වේ. උගුර ආශ්‍රිතව පීඩාවක් මෙන්ම කකුල්වල ආබාධ ද මතුවනු ඇත.
කුම්භ - කෙටි ගමන්
ඔබට යහපත් ඵල ලැබේ. කෙටි ගමන් යෙදෙන අතර විනෝද ගමන්ද ඇතිවනු ඇත. පවුලේ සාමාජිකයන් අතර සහයෝගය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයටද යහපත් වන වකවානුවක් වේ.
මීන - නීතිමය ප්‍රශ්න
ඔබට නොගැලපෙන අය ඇසුරු කිරීමට සිදුවන වකවානුවක් වන අතර නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැක. මෙම වකවානුව තුළ ලියවිලිවලට අත්සන් තැබීමේදී පරිස්සම්වන්න.
ජ්‍යොතිෂ නන්දන
පුවීණ ජ්‍යොතිෂවේදි
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල.