2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ළමුන් හොල්මන් කළ හැලෝවීන් පාටි

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 397

කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා ජනප්‍රිය ජාත්‍යන්තර පාසලක පසුගිය දිනක පෙන්වන ලද හොල්මන් චිත්‍රපටයක් නැරඹීමෙන් අනතුරුව පාසලේ ඉගෙනුම ලැබූ බොහෝ කුඩා දරුවන් පාසල් ඒමට මැලිකමක් දැක්වීමේ පුවතක් වාර්තාවී තිබිණි. ඉපැරැණි ගොඩනැගිල්ලක පවත්වා යනු ලබන මෙම පාසලේ එක්තරා ශාලාවක් දොර ජනෙල් සියල්ල වැසීමෙන් පසුව මෙම හොල්මන් චිත්‍රපටය පෙන්වීමට කටයුතු කර ඇතැයි පැවසේ. 

චිත්‍රපටය නරඹන අතරවාරයේදී ඇතැම් දරුවන් බියවී විවිධ ලෙසට කෑ ගසා ඇති අතර ඒ හේතුවෙන් සෙසු දරුවන්ද ඉමහත් බියට පත්වූ බවද සඳහන්ය.

මෙවැනි හොල්මන් චිත්‍රපට පෙන්වීමට කටයුතු කර ඇත්තේ ඔක්තෝබර් මාසයට යෙදී තිබූ හැලොවින් අන්තර්ජාතික උත්සව (Halloween) හේතුවෙනි. මෙම හැලෝවීන් උත්සව ශ්‍රී ලාංකික ජනතාවට ආගන්තුක වුවද කැනඩාව, අමෙරිකාව වැනි රටවල වාර්ෂිකව පවත්වන ලබන උත්සවයකි. මීට අවුරුදු 20,000කට පෙර ජීවත් වූ කෙල්ට්වරුන් උදෙසා සමරනු ලබන හැලෝවීන් උත්සවය අමෙරිකාව, කැනඩාව වැනි රටවලට අමතරව බොහෝ රටවල්ද ඔක්තෝබර් 31 වැනි දා මහ ඉහළින් සමරති. ඒ අතර ශ්‍රී ලංකාව තුළ ද මෙය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. විශේෂයෙන් ජාත්‍යන්තර පාසල්වල ද, අධ්‍යාපන ආයතන බොහෝමයක් ද මෙවර හැලෝවීන් උත්සවය සමරා තිබිණි. හැලෝවීන් උත්සවය වෙනත් රටවල වෙනත් නම්වලින් ද හඳුන්වනු ලබයි. දකුණු අෙමරිකාව මෙම උත්සවය හඳුන්වනු ලබන්නේ කවුසාස්කාන්වීස් නමිනි. අප්‍රිකාව මෙම උත්සවය ඒගුන්ගුන් නැටුම නමින්ද, ආසියාව බොන් උත්සවය නමින් ද උතුරු අැමරිකාව මළවුන්ගේ දවස නමින් ද හඳුන්වයි.

හැලෝවීන් උත්සවය සැමරීමේ ප්‍රධානතම පරමාර්ථය ලෙසින් අමෙරිකාව හඳුන්වනු ලබන්නේ සුරංගනාවියන්, යක්ෂයන් හා මායාකාරියන් යන අය භූතාත්ම හා මියගිය අයගේ ආත්ම සමඟ සම්බන්ධ වීම බව පැවසෙයි. 

මායා බන්ධන ක්‍රියාවල නියැලෙන ඇතැමුන් අදටත් හැලෝවීන් උත්සවය සමරනු ලබන්නේ (සෞඅත්) යන නමිනි. ඔවුන් විශ්වාස කරනු ලබන්නේ මෙම පරිශුද්ධම රාත්‍රියේදී මියගිය අය ජීවත්ව සිටිනා අය අතරට එන බවය. කල්ට්වරුන් මෙම (සෞඅත්) උත්සවය සමරන ලද මේ දිනවලදී හොල්මන් සහ භූතයන් මහ පොලොවේ සැරිසරනා බව කියයි.

හැලෝවීන් උත්සවය සඳහා අද වෙද්දී බොහෝ දෙනා මායාකරුවන්, වෘක වෙස් ගනු ලබන මිනිසුන්, ඇවිදින මළමිනී ආදී අවලස්සන රූප ලෙසින් වන ලෙස ඇඳ පැළඳ ගනිති. එමෙන්ම විරූපී වෙස් මුහුණු ද පළඳති. ඒ විතරක් නොව ඇතැම් තරුණියෝ සුරංගනාවියන් ලෙස ඇඳ පැළඳ ගැනීමට ද වැඩි කැමැත්තක් දක්වති.

මෙවර ඔක්තෝබර් 31 වැනිදා ද බොහෝ රටවල මෙන්ම ලංකාවේදීද ඇතැම් පාසල් හා අධ්‍යාපන ආයතන හැලෝවීන් උත්සවය සමරා තිබිණි. 

ඇතැමුන්ට මෙය අලුත් අත්දැකීමක් වුවද ජාත්‍යන්තර පාසල් හා ජ්‍යාත්තන්තර අධ්‍යාපන ආයතනවලට මෙය එතරම්ම ආගන්තුක නොවේ. මෙවර ශ්‍රී ලංකාවේද ඇතැම් ජ්‍යාත්තන්තර පාසල්වල හා අධ්‍යාපන ආයතනවල සිසූහු විවිධාකාර මායාකරුවන්, සුරංගනාවියන්, යක්ෂයන් ආකාරයෙන් ඇඳ පැළඳ මුහුණේ විවිධ පින්තාරු ආලේප කර මෙම උත්සවය සැමරූහ. පසුගිය දිනවල මුහුණු පොතේ ද (Facebook) මේ සම්බන්ධව විවිධාකාර ඡායාරූප පළවී තිබිණි.

හැලෝවීන් උත්සවයට සමගාමීව විවිධාකාර චිත්‍රපට මෙන්ම හැලෝවීන් ගීත ද අද වෙද්දී මුළු ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී. එමෙන්ම ඒ වෙනුවෙන් වෙන්වූ ඇඳුම් ආයිත්තම් ද බොහෝය.

හැලෝවීන් උත්සවය වෙනුවෙන් කෙල්ට්වරු අතරේ තිබූ තවත් චාරිත්‍රයක් ලෙසින් භූතයන් සතුටු කිරීම සඳහා රස කැවිලි බෙදාදීමේ අවස්ථාවක් ද ඇත. මේ හේතුවෙන් ඇතැම්හු ඔක්තෝබර් 31 වැනිදා රාත්‍රියේදී භූතයන් සහ මළවුන් වෙනුවෙන් කෑම බීම ලබා ගැනීමට ගෙයින් ගෙට ගොස් ඉල්ලා ගනිති. යුරෝපා රටවල මෙලෙස රාත්‍රියේදී ගෙයින් ගෙට ගොස් දොරට තට්ටු කර කෑම ඉල්ලා ගන්නා අතර ඇතැමුන් කෑම බීම ප්‍රතික්ෂේප කරද්දී කණ්ඩායමේ සිටිනා අනෙකුත් සාමාජිකයෙක් නිවැසියන් බියට පත්කොට ආහාර ලබාගැනීමට උත්සාහ ගනිති.

මෙම උත්සවය සමරන විටදී වට්ටක්කා ගෙඩියක මදය ඉවත්කොට එහි ඇතුළත ඉටිපන්දමක් දල්වා සිර වී සිටිනා භූතාත්ම පලවා හැරීමේ සැමරුමක් ද සිදු කරනු ලැබේ. යුරෝපා රටවල වට්ටක්කා ගෙඩිය වෙනුවට ගනු ලැබුවේ රාබු ගෙඩියක් වැනි ටනිප් ගෙඩියකි.

හොල්මන් චිත්‍රපට බැලීමට බියක් දක්වන ඇතැම් දරුවන්ට හැලෝවීන් උත්සවය සැබැවින්ම භයානකය. ලංකාවට ආවේණික නැති උත්සවයක් වුවද මෙය ඉතා ප්‍රීතිජනක උත්සවයක් ලෙසින් ද හැඳින්විය හැක. විශේෂයෙන් මායාකරුවන්, භූතයින්, සුරංගනාවියන්, ඇවිදින මළමිනී ලෙසින් හැඩ ගැන්වෙන මෙම උත්සව කාලයේදී විවිධාකාර මුදල් උපයන ක්‍රම මඟින් වෙළෙන්දෝ හැලෝවීන් උත්සවයෙන් ද බොහෝ මුදල් උපයාගනිති. 

දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00