මගේ බෙල්ල රිදෙනවා...
බෙල්ල හරවන්න බෑ... මොකද මන්දා... කොට්ටේ අව්වට දාන්න ඕනේ...
මගේ අත දිගේ කැක්කුමයි...
මෙවැනි රෝග ලක්ෂණ බොහෝ විට අපිට අසන්නට ලැබේ. ඇතැම් රෝගීන්ගේ ගෙල ප්‍රදේශයේ ඇරඹෙන වේදනාව පසුකාලීනව දෑත් දිගේ ඇතිවේ. ඇතැම් රෝගීන්ගේ දෑත්වල හිරිවැටීම් ඇතිවේ. මෙවැනි විවිධ අපහසුතා සමඟ ගෙල ආශ්‍රිත රෝගයන්ගෙන් පුද්ගලයෝ පීඩා විඳිති. මෙය යම්කිසි රෝගයක රෝග ලක්ෂණයන් විය හැක. විවිධ රෝග හේතුවෙන් ගෙල ආශ්‍රිතව විවිධ රෝග ඇතිවේ.
ගෙල ආශ්‍රිතව ඇතිවන රෝග බොහෝමයක ප්‍රධාන ලක්ෂණය වන්නේ අධික වේදනාවයි. එබැවින් මෙවැනි රෝගවලදී ඒ පිළිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ. ආයුර්වේදයේදී ගෙල හඳුන්වනු ලබන්නේ “ග්‍රීව” ලෙසිනි. ගෙල ප්‍රදේශයේ වේදනාව ඇතිවීමට හේතුවිය හැකි කරුණු කිහිපයකි.
• කශේරුකා අතර ඇතිවන වෙනස්කම් නිසා
ගෙලෙහි ඇති කශේරුකා චලනය කළ හැක. ගෙල එහාට මෙහාට හැරවිය හැක. මෙය සන්ධියකි. එනම් තැන් කිහිපයක් එකම ස්ථානයට සම්බන්ධ වීමයි. එය විවිධ පැතිවලට හැරවිය හැක. චලනය කළ හැක. සන්ධියක ක්‍රියාකාරීත්වයත් ඇත. මෙම චලනවලට බාධා ගෙන දියහැකි රෝග හේතුවෙන් ගෙලෙහි වේදනාව ඇතිවේ.
• කැල්සියම් අඩුකම
අස්ථිවල ප්‍රධානම අවශ්‍යතාවය වනුයේ කැල්සියම්ය. අස්ථි ඉතා ශක්තිමත් කොටසකි. කෙනකු මිය ගිය විට වුවද අස්ථි කොටස් දීර්ඝ කලක් නොදිරා පවතී. ඒ ශක්තිමත් බව අස්ථිවලට ලැබෙන්නේ කැල්සියම් හරහාය. කැල්සියම් වල ඇති සංයුතිය වෙනස් වූ විට අස්ථි ශක්තිමත් නොවේ. එවිට ගෙලෙහි වේදනාව ඇතිවේ
• ඇතිවන විකෘති භාවයන් නිසා
ඕනෑම අස්ථීයක එයට අදාළ හැඩයක් පවතී. ඒ හැඩය වෙනස් වූ විට තවත් අස්ථියක් ගැටේ. ස්පර්ශ වේ. එවිට එමඟින් වේදනාව ඇතිවේ.
• ව්‍යායාම් නොමැතිකම
අද බොහෝදෙනා එක තැනක අසුන් ගෙන සිටින්නේ නිවැරදි ඉරියව්වෙත් නොවේ. එසේ සිටිමින් වැඩවල නිරත වේ. විශේෂයෙන් හිස පහළට නමා පරිගණකය ක්‍රියා කරයි. එසේත් නැත්නම් ජංගම දුරකථනය ඔබමින් දිගු වේලාවක් එකම ඉරියව්වේ හිඳී. එවිට ගෙල ප්‍රදේශයට අවශ්‍ය ව්‍යායාම නිරන්තරයෙන්ම අහිමි වේ.
• බර ඉසිලීම
බොහෝ දෙනා තම රැකියාව හේතුවෙන් වැඩි බරක් උසුලති. විශේෂයෙන් බර හිසෙහි සහ උරහිසේ තබා වෙළඳාමේ නිරත වෙත බොහෝ වෙළෙන්දන් මෙන්ම නාට්ටාමිවරැ මෙම රෝගයෙන් පීඩා විඳිති. අද භාවිත කෙරෙන බොහෝ පාසල් බෑග් බරෙන් වැඩිය. විශේෂයෙන් පාසල් බෑගය තම උරහිසේ එල්ලා යන දරුවන්ට මෙම රෝගය වැළඳීමේ ප්‍රවණතාවය ඉතා වැඩිය.
• රියැදුරන්ට තිබෙන අවදානම
අප විසින් අසුනක වාඩි වී සිටිය යුතු ක්‍රමයක් ඇත. කොන්ද කෙළින් තබා වාඩිවීම සුදුසුම ක්‍රමය වේ. අසුනක වැරදි ඉරියව්වෙන් දිගු වේලාවක් වාඩිවී සිටීමෙන් ගෙල ප්‍රදේශයේ වේදනාව ගෙන දේ. විශේෂයෙන් දිගු වේලාවක් එක දිගට රිය පදවන රියැදුරන්ට මේ තත්වය උදාවේ.
ගෙල ආශ්‍රිත වේදනාවේ රෝග ලක්ෂණ
• ගෙල ප්‍රදේශයේ වේදනාව.
• දෑත්වල ඇඟිලිවල හිරිවැටීමක් ඇතිවීම.
• එම හිරිවැටීම ටික දිනකින් වේදනාවක් වීම.
• ගෙලෙහි අවට ඇති පේෂින් හැරවීමට ඇති අපහසුව.
• ඇතැම්විට පසු කාලයේදී දෑත්වල කෙට්ටුවීමක්ද ඇතිවිය හැක.
මේ සඳහා කළයුතු ප්‍රතිකාර
• නිවැරදි ඉරියව්වෙන් ඇවිදින්න, පොත්පත් කියවන්න. වැඩවල නිරත වෙන්න. නිදාගන්න.
• අනවශ්‍ය ලෙස ව්‍යායාම් කරන්න එපා. වැරදි ව්‍යායාම් මෙවැනි රෝග ඇතිවීමට හේතුවිය හැක.
• ගෙලෙහි සහ දෑත්වල කරනු ලබන ව්‍යායාම්වලට ප්‍රමිතියක් ඇත.
• නිදාගනිද්දී නිවැරදි පිහිටීම අනුව නින්දට යන්න. පරිහරණය කරනු ලබන මෙට්ටය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ශරීරයේ කොඳුඇට පෙළෙහි තියෙන ආකාරය රැකෙන පරිදි මෙට්ටය තෝරාගන්න. නිවැරදි ඉරියව්වෙන් නින්දට යන්න.
• කැල්සියම් වැඩිපුර ඇති කුඩා මාළු, කිරි වැනි ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගන්න.
• ඇතැම් රෝගවලට ගනු ලබන ඖෂධ මගින්ද කැල්සියම් අඩුවිය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. දියවැඩියාව ඇති රෝගීන්ගේ ස්නායු දුර්වල විය හැක.
• බොහෝම සිහින් දුර්වල සිරුරක් ඇති කෙනකුට මෙවැනි වේදනා වැඩිපුර ඇතිවේ.
• මීට අමතරව ආයුර්වේදය මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ඇත. ඒ ප්‍රතිකාර විවිධ වේ. මුලින්ම රෝගය ඇතිවීමට හේතුව පිළිබඳව සොයාබලා ආයුර්වේද වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකාර තීරණය කරනු ඇත.
• මේ සඳහා ස්ථානිත ප්‍රතිකාර සිදුකෙරේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරයේ පවතින දෝෂ වෙනස් වේ. ඒ අනුව සොයා බලා ඖෂධ තීරණය කෙරේ.
• ගෙලෙහි ඇතිවන වේදනාවන්ට තෙල් ආලේපන ඇත. තවනු ලැබේ. ඊට අමතරව ග්‍රීව වස්ථිද කෙරේ. ගෙලෙහි වක්‍රයන් සාදා ඖෂධ වත්කර ගෙලෙහි ටික වේලාවක් රැඳෙන්නට තබයි. මෙයට ග්‍රීව වස්ථි ලෙස හඳුන්වයි.
• මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේදයේ පවතී.