2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

හිතට වදින්න

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

ආරියවංශ රණවීර

කවිය ප්‍රධාන වශයෙන් ඇසුරු කරගන්නේ ජීවිතයයි. ජීවිත මාත්‍රාව නොමැති නම් කවියෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. කවිය හරහා අපට ජීවිතය පිළිබඳ මෙතෙක් අප අත්නොවිඳි රසයක් ලබාදිය යුතු වෙනවා. නමුත් එය ගද්‍ය පාඨයන්ගෙන් සපුරා වෙනස් විය යුතුයි. ගද්‍ය පාඨ කඩ කඩා ලිවීම කවිය ලෙස හැඳින්විය නොහැකියි. කවියට එයටම ආවේණික වූ, උරුම වූ මැජික් බලයක් තිබෙනවා. එය සාමාන්‍ය මැජික් බලය නොවේ. නිර්මාණාත්මක බලයක්.