කොළඹ හතේ පිකට් රැල්ල
අපේ රටේ මෑතකාලීනව උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. දේශපාලනය, සමාජය වගේම ආර්ථිකය එක්කත් බැඳුණු මේ උද්ඝෝෂණ එහෙමත් නැත්නම් පිකට් රැල්ල ගැන විනෝදාත්මක ඇසකින් බලන සෞන්දර්යාත්මක නිර්මාණයක් පිකට් රිපබ්ලික් නමින් දෙසැම්බර් 16 සහ 17 දවස්වල ලයනල් වෙන්ඩිට් නෘත්‍ය ශාලාවේදී පැවැත්වෙනවා.
ගෝල්ෆේස් ටෙරසයේ “අාධාර”හමුවක්
මහනුවර පිළිකා නිවස්නයට ආධාර පිණිස මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් විසින් සංවිධානය කරන වැඩසටහනක් දෙසැම්බර් 16 වැනිදා උදෑසන සිට සවස්වනතුරු කොල්ලුපිටියේ ගෝල්ෆේස් ටෙරසයේ පැවැත්වෙනවා. LIGHT the SKY ලෙස නම් කර තිබෙන මේ වැඩසටහනේදී ආලෝක කූඩු අහසට යවමින් පිළිකා රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමක් සිදුවෙනවා.