2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

අළුහම්වලට අත්බෙහෙත්

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 155

• වෙරළු කොළ, පේර කොළ හොඳින් තලා දෙහි ඇඹුලෙන් අළුහම් මත ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.

• කොහොඹ පොතු සහ ඉරමුසු තම්බා බොන්න.

• අමුකහ, වෙනිවැල්ගැට, කොහොඹ පොතු, කොහොඹ කොළ තම්බා එම වතුරෙන් ඇඟ සෝදන්න.

• කළුවා අල තලා එම ඉස්ම ඇගේ ආලේප කරන්න.

අළුහම් ඇතිවීමට හේතු -

• දිලීර මඟින්.

• කෘත්‍රීම සබන් වර්ග.

• ඇඳ ඇතිරිලි, කොට්ට ආදිය නිතර පිරිසුදු නොවීමෙන්.

• නිදන කාමරයට හොඳින් හිරු එළිය නොලැබීමෙන්.

• අපවිත්‍ර ජලයෙන්.

• අළුහම් සෑදුණු කෙනකු අඳින ඇඳුම් ඇඳීමෙන්.

• අළුහම් සෑදුණු කෙනකුගේ රෙදි සමඟ අන් අයගේ රෙදි එකට සේදීමෙන්.

අළුහම්වලින් ඇතිවන අතුරු ආබාධ -

• කැසීමෙන් සම තුවාල වීම.

• අවලස්සන වීම.

• කැසීම නිසා විෂබීජ ශරීර ගතවීම.

• අළුහම් කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවන රෝගයකි.

• කැසීමෙන් විෂබීජ ශරීර ගතවී කුෂ්ඨ ඇතිවීම.

 අන්තර්ජාලය ඇසුරෙනි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00