2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

අපේ ආපදා අනාවැකි මෙවරත් හරියටම හරි

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

පසුගිය දිනවල සිදුවූ හදිසි ස්වභාවික ආපදා හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්විය. නාය යෑම්, ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන් මෙම වකවානුව තුළ ජනතාව පීඩාවට පත්වන බව ප්‍රවීණ ජ්‍යොෂවේදී රේණුක වික්‍රමසිංහ දේශය “අසදිසි ජ්‍යෙතිෂ සංග්‍රහය* මගින් 2017-11-19 වන ඉරු දින රවි වෘෂ්චිකයටයන ශීර්ෂ පාඨය යටතේ භූමියේ ගිලා බැසීමක් හා නායයාම් සිදුවන බව පවසා ඇත. 

එසේම නොවැම්බර් 26 වන ඉරු දින ද දේශය අසදිසි ජ්‍යොතිෂ සංග්‍රහය තුළින් ඉදිරි දින 60 තුළ අප රටේ ජන ජීවිතය පීඩා කරමින් හදිසි ජල ගැලීම් තත්ත්වයක් ඇති වන බව යළිත් ප්‍රකාශ කර තිබුණි. මෙලෙස කල්තබා ඍජු ලෙසම අනාවැකි පළ කළේ දේශය ජාතික  පුවත්පත  පමණි.