රාත්‍රියට නින්ද නොයනවා නම්
සාදික්කා ගෙඩි කිහිපයක් ගෙන හොඳින් කුඩු කරගන්න. එයින් තේ හැදි කාලක් ගෙන ඔබ නින්දට යාමට පැය හතරකට පමණ පෙර උණුසුම් වතුර වීදුරුවකට හෝ” තේවලට දමා දිය කර පානය කරන්න.
ගෙල අවට, අත් යට, කළවා ආශ්‍රිත කළු පැහැ ගැන්විලාද...?
අවශ්‍ය කරන දේවල් :-
ලුණු මේස හැදි 01, ඔලිව් තෙල් මේස හැදි 01, බේකින් සෝඩා මේස 01
සාදන ක්‍රමය :-
මේවා එකට දමා හොඳින් කලවම් කරන්න. පේස්ට් එකක් වනතුරු හොඳින් කලවම් කරගන්න. පසුව එය කළු පැහැ ගැන්වූ ස්ථානවල ආලේප කරන්න. විනාඩි තිහකට පසුව සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය සතියකට තුන් වතාවක් පමණ කරන්න. ඔලිව් තෙල් වෙනුවට ඔබට පිරිසුදු පොල් තෙල් වුවද පාවිච්චි කළ හැක. මෙම ආලේප කළ විටදී ජලය සහ විටමින් “ඊ අඩංගු ආහාර වැඩිපුර ගන්න.
උදරය ඉදිරියට නෙරා ඒම අඩුකර ගැනීමට ආයුර්වේද පානයක් :-
අවශ්‍ය දේවල් :-
නිවිති කොළ ස්වල්පයක්, දෙහි ගෙඩියක යුෂ, ඉඟුරැ කැබැල්ලක්, වතුර වීදුරුවක්.
නිවිති කොළ හොඳින් සෝදාගන්න. එය කුඩා කැබලිවලට කඩා බ්ලෙන්ඩර්යට දමන්න. දෙහි, ඉඟුරැ සහ වතුර එක්කර හොඳින් බ්ලෙන්ඩර් කරන්න. ඔබ උදේ ආහාරය ගැනීමට විනාඩි තිහකට පෙර මෙම ආයුර්වේද පානය බොන්න.
අන්තර්ජාලය ඇසුරෙනි