අලුත් නත්තල් ගීයක් හිතේ මැවේවායි පතා නින්දට ගිය පසු මැදියම් රෑ ඇහැරුණු මට තරු බබලන අහස පෙනුණා. ඇස් පොඩි කර කර බබලනවා දුටුවා. හිත කීවා ඔය තමා මගේ ගීයේ පළමු වන පෙළ කියා. ඒ නිසා මා එතැන සිට ඉටි පහනක එළියෙන් මේ ගීය පටන්ගත්තා. රෑ තරු බබලනවා - මල් පිපිලා වාගේ, එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා වාගේ ඒ 1945 දී මා දුටු රෑ තරු එළි තවමත් බබලනවා...
මර්සලීන් ජයකොඩි පියතුමා