ඉතා රසවත් හා ගුණයෙන් සපිරි මඤ්ඤොක්කාවල උද්භිද නාමය වන්නේ minilot eseukntaය. මෙය විටමින්, ඛනිජ ලවන සහ ප්‍රතිඔක්සිකාරක පෝෂ්‍යජනකවලින් සපිරි ආහාරයකි.
මඤ්ඤොක්කාවල කොලොස්ටරෝල් අඩංගුව නැත. අර්තාපල්, කෙසෙල් සහ අනෙකුත් අල වර්ගවලට සාපේක්ෂව ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් මඤ්ඤොක්කාවල අඩංගු වේ. තවද අසාත්මික තත්ත්වයන් ඇතිකළ හැකි ග්ලූටින්වලින් ද තොරයි. එමෙන්ම ළපටි මඤ්ඤොක්කා කොළවල ප්‍රෝටීන් හා විටමින් “කේ” අන්තර්ගතයි.
විටමින් “කේ” මඟින් අස්ථි ශක්තිමත් කෙරේ. එමෙන්ම අන්සයිමා රෝගයේදී රෝගියාගේ ස්නායුවල හානිය සීමා කිරීමේ හැකියාවක් මඤ්ඤොක්කාවල පවතී. මඤ්ඤොක්කාවල විටමින් “බී” ද අඩංගු වේ. මෙමඟින් රුධිර කොලෙස්ටරෝල් අඩුකර ගැනීමට හැකිවේ.
මීට අමතරව මඤ්ඤොක්කාවල පොටෑසියම් ප්‍රමාණයක් ද ඇත. දිනකට සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය කරන පොටෑසියම් ප්‍රමාණයෙන් සියයට හයක් පමණ මඤ්ඤොක්කා ග්‍රෑම් 100කින් ලබාගත හැක. හෘද ස්පන්දන වේගය හා රැධිර පීඩනය මෙමඟින් පාලනය කෙරේ. ඇමයිලෝසි මඤ්ඤොක්කාවල ඇති අතර එය සිරුරට උණා ගනු ලබන්නේ සෙමිනි. රුධිරයේ ඇති සීනි මට්ටම වැඩි වීමක් සිදු නොවේ. කෙඳි සහිත ආහාරයක් වීම නිසා මළබද්ධය නැති කෙරේ.
මඤ්ඤොක්කා ලිංගික සරුබව සඳහා, ඇස්වල ඉදිමීම, සන්ධි රෝග, පාචනය, ඇස්වලින් කඳුළු ගැලීම, ඇස් රතුවීම, උරා යන රෝග සඳහා ඉතා ගුණදායක ඔසුවකි. සිරුරේ ඇතිවන තුවාල සඳහා ආයුර්වේදයේදී මඤ්ඤොක්කා යුෂ භාවිතා කෙරේ.
මඤ්ඤොක්කාවල ඇති ලිනමරි නම් රසායනික සංයෝගය පිළිකාවට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන් පිළිකා බවට පත්විය හැකි අවස්ථා විනාශ කිරීමේ හැකියාව මඤ්ඤොක්කාවල පවතී.
මඤ්ඤොක්කා කොළවල කෙඳි බහුල වේ. මේ නිසා මෙය බොහෝ දෙනකු පලා වර්ගයක් ලෙසින් ද කෑමට ගන්නා ඉතා රසවත් පළා වර්ගයකි. මඤ්ඤොක්කා කොළවල අත්‍යවශ්‍ය ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වේ. එමඟින් පිළිකා නාශක ගුණ හා අකලට වයසට යාම වළකාලයි.
මුත්‍රාශයේ හා පුරස්ථි ග්‍රන්ථි සඳහා ඉතා හොඳ ඔසුවකි. මඤ්ඤොක්කාවල පවතින සයොනයිඩ් ග්ලූකෝසයිඩ් මඟින් නිදහස් කරන විටමින් B17, මඟින් මෙම පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් පවතී.
මඤ්ඤොක්කා අධික තරබාරුව පාලනය කෙරේ. මඤ්ඤොක්කාවල මෙන්ම කොළවලද යකඩ අඩංගු වේ. මෙමඟින් රක්ත හීන බව වැළැක්වීමට මහත් උපකාරී වේ. මෙහි ඇති පෝෂ්‍ය පදාර්ථයන් හේතුවෙන් මානසික ආතතිය හා නොසන්සුන්කම, අම්ල පිත්ත රෝග නැති කෙරේ. මේ නිසා බොහෝ රෝග ගණනාවකට මඤ්ඤොක්කා ඉතා ගුණදායක ආහාරයකි.
නමුත් කොළ සහ අල අමුවෙන් ආහාරයට නොගන්න. පුළුවන්නම් කුඩා අල තම්බා ආහාරයට ගන්න. කිසිවිටකත් පලුදු වූ, කළු වූ දම් පැහැ වූ අල ආහාරයට ගැනීමෙන් වළකින්න. පුළුවන්නම් මඤ්ඤොක්කා අල ගලවා ඉවත් කළ සැනින් ආහාරයට ගන්න. ගලවා දින ගණනාවක් ගතවූ මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට පෙර දෙවරක් සිතන්න.
විශේෂඥ වෛද්‍ය
නිමාලි සොලොහොකාර
ආයුර්වේද රෝහල - කුරුණෑගල.