2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

හිතට වදින්න...

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ආරම්භ කරපු කිතුනු සාහිත්‍යයට මහා සම්ප්‍රදායෙන් වුණු ලොකුම බලපෑම නම් එතෙක් කල් ලතින් භාෂාවෙන් භාවිත වුණු කතෝලික දර්ශනය සිංහල භාෂාවට පරිවර්තනය වීමයි. එහිදී පරණ සිංහල හා මිශ්‍ර සිංහල වෙනුවට නූතන භාෂාව ඉතා සරලව යොදා ගැනීම වැදගත් කාරණයකි. මෙහි ප්‍රතිඵලයක් වුණේ බොහෝ දෙනාට අවබෝධ කරගත හැකි ආකාරයට කිතුනු සාහිත්‍යය ගොඩනැඟීමයි. ඊට පසු සිංහල භාෂාව හරහා කිතුනු සාහිත්‍යයෙහි වපසරිය පුළුල් වුණා. කවියට, ගීතයට, නාට්‍යයට යන සෑම අංශයකටම එහි ආභාසය ලැබුණි. ඒ නිසා කිතුනු සාහිත්‍යය ජනතාවට සමීප සම්බන්ධතාවක් දක්වන සාහිත්‍යංයක් විය. කන්තාරැ ගීතයෙහි නාද රටාව එහි හැඩරැව මඟින් ගීත සාහිත්‍යයේ ඉතා සාර්ථක කාර්යභාරයක් ඉටුවිය. මර්සලින් ජයකොඩි පියනම, මෝසස් පෙරේරා පියනම, සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ඒ අතර ප්‍රධානයි.

 අර්නස්ට් පෝරුතොට පියතුමා