2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

මහජන බැංකුවේ යාපනය පරිසර හිතකාමී හරිත ශාඛාවට මුල්ගල තැබේ

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

මහජන බැංකුවේ යාපනය පරිසර හිතකාමී හරිත ශාඛාව සඳහා යෝජිත නව සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ අතින් පසුගියදා සිදුකෙරිණි.

මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළඟාවීමේ මාර්ගය සකස් කරමින් ක්‍රියාවට නංවන  Peoples Green Pulse නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප‍්‍රතිපත්තියට හා නව්‍යකරණයේ සුවපහසුව සපිරි ඩිජිටල් බැංකුකරණයට අදාළ වැඩපිළිවෙලට සමගාමීව මෙම හරිත ශාඛාව ඉදිකෙරේ. මහජන බැංකුවේ යාපනය ප‍්‍රාදේශීය ප‍්‍රධාන කාර්යාලය, යාපනය ශාඛාව සහ නවීන පහසුකම් සහිත අංග සම්පූර්ණ ශ‍්‍රවණාගාරයක් මෙම නව ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කිරිමට අපේක්ෂිතය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික විධායක කළමනාකාරීත්වය, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාරභවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00