කුරුල්ලන් වගේ පියාඹන්න
අතීතයේදී කුරුල්ලෝ අහසේ නිදහසේ පියාඹලා යන දිහා බලාගෙන හිටපු මිනිස්සු කුරුල්ලන්ව අනුකරණය කළේ ගුවන් යානා හෙලිකොප්ටර හැදීමෙන්. නමුත් මේ වෙද්දී කාලය වෙනස් වෙලා. මිනිස්සුත් කුරුල්ලෝ බවට පත්වෙලා. එහෙමත් නැත්නම් කුරුලු මිනිසුන් වෙලා. ඒ Wingsuit flying මගිනුයි.
ඇත්තටම මේකත් Sky diving වලට ගොඩක් සමානයි. ගුවන් යානයක සිට හෝ උස් කඳු මුදුනක සිට පැනීමෙන් මේ අත්දැකීම විඳින්න පුළුවන්. හැබැයි මේකෙ වෙනස තමයි ඇඳුම. හරියට වවුලෙකු පියාපත් විදාගෙන යනවා වගේ පෙනුමක් මේ ඇඳුමෙන් ලැබෙනවා. ඒ ඇඳුම නිසා වේගයෙන් අහසේ ඇදී යන්නත් සුළඟේ උපකාරය හොඳින් ලබාගන්නත් පුළුවන් වෙනවා.
පියාසර කිරීමේ වේගය, උස ආදී සියලු දේ තීරණය වෙන්නේ තමන් ඇඟ හසුරුවන විදිහෙනුයි. ඒ නිසාම හොඳ පුහුණුවක් අවශ්‍යයි. හොඳම Wingsuit flyer කෙනකුට තමන්ගේ බිමට පතිත වීමේ වේගය පැයට සැතපුම් 25 දක්වා අඩු කරගන්නත් ඉදිරියට ඇදී යන වේගය පැයට සැතපුම් 220ක් දක්වා වැඩිකරගන්නත් පුළුවන්. අන්තිමේදී බිමට පතිත වෙන්නේ ඇඳුමේ තිබෙන පැරෂූටයකිනුයි.