2018 ජනවාරි 20 වන සෙනසුරාදා

හිතට වදින්න...

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

හොඳ ගීත ප්‍රබන්ධයක ද කවියක මෙන් ගීතමය ස්වභාවයක් තිබිය යුතු ය. වෙන වචනවලින් කියතොත් ගීත ප්‍රබන්ධය සංගීතයෙන් වෙන් කර ඉවතට අරගෙන බලන කොටත්, සාහිත්‍ය කෘතියකින් ලැබෙන විදියෙ රසයක් එයින් ලැබෙන්න ඕනෑ. ගීතයක් සාහිත්‍ය කෘතියක් ම මිස, නිකම් වචන ගොඩක් හෝ වාර්තාවක් නොවෙයි. මේ නිසා සාහිත්‍ය නිර්මාණයේදී සාහිත්‍යකරුවකුට අවශ්‍ය වන අත්දැකීම් සහ නිර්මාණ ශක්තිය, ගීත රචකයාටත් අව‍ශ්‍යයෙන් ම තිබිය යුතුයි. සාහිත්‍ය කෘතියකින් මෙන් ම, ගීතයකිනුත් අපි කරන්නෙ, අසන්නන්ගේ හැඟීම් ප්‍රබෝධ කරවා, එමඟින් රසයක් ජනිත කරවීමයි. හැඟීම් පහළ වෙන්නෙ අත්දැකීම් ආශ්‍රයෙන්. එනිසා කවියකට කෙටි කතාවකට වගේම ගීතයටත් වස්තු බීජය වෙන්නෙ අත්දැකීමක්.

I මහගම සේකර

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00