සිකුරු තමාට මිත්‍ර රාශි භවනක් වූ කුම්භ රාශියට 2018 පෙබරවාරි 6 වන කුජ දින දවල් 12.00ට පිවිසේ. කුම්භ රාශියෙහි අඟහරුට අයත් දෙනට නැකතේ 3 වන හා 4 වන පාදයෙන්, රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම, දෙවන, තුන්වන පාදවලත් 2018 මාර්තු 2 වන කිවි දින දවල් 11.43 දක්වාම ගමන් කරනු ඇත. මේ වනවිටත් කුම්භ රාශියෙහි රාහුට අයත් සියාවස නැකතේ ගමන් කරන නැප්චූන් සමඟ යෝග වන සිකුරුට කේතුට අයත් මූල නැකතේ ගමන් කරන සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය ද සෙනසුරුට අයත් අනුර නැකතේ යන අඟහරුගේ පූර්ණ දෘෂ්ටියත් සිකුරැ වෙතට එල්ලවනු ඇත. සිකුරු තමාට මිත්‍ර රාශි භවනකට ගියද සෙනසුරුගේ අඟහරුගෙත් නැප්චූන්ගෙත් පීඩනයට ලක් වීමක් ද සිදු වේ.
අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී අසත්‍ය පුවත් ප්‍රචලිත වීමෙන් මහජනයා අතර කැළඹිලි ගතියක් ඇති වේ. රට තුළ අවසානාවන්ත සිදුවීම් රැසක් සිදුවන අතර තැන තැන පහරදීම් ඝාතනය කිරීම් වාර්තා වනු ඇත. විශේෂයෙන් කාන්තාවන් මෙන්ම දරුවන් මෙම වකවානුව තුළ ප්‍රවේසම් වීම වැදගත්ය. ඒ අයට දරුණු ලෙස පහරදීම් මෙන්ම යම් යම් අපරාධ ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම වකවානුව තුළදී පැවැත්වෙන මැතිවරණයේදී ද මහජනයා ආවේගශීලී වීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වනු ඇත. විශේෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තා අපේක්ෂිකාවන්ට ඉතා අයහපත් බලපෑම් එල්ල වීම් ද සිදුවන අතර තනි පක්ෂයකට පැහැදිලි ජයක් අත් කර ගැනීමට නොහැකි වාතාවරණයක් ඇති වේ. සමහර මැතිවරණ ආසන ආශ්‍රිත දූෂිත හා අපරාධ ක්‍රියාවන්ද ගැටුම්කාරී තත්ත්වයන් ද ඇතිවන අතර ආරක්ෂක අංශ මැදිහත් වීම් මගින් එය පාලනය කිරීමට දැඩි පියවර ගැනීමටත් සිදුවනු ඇත.
මේෂ
මංගල යෝග
ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ හිතමිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝග ඇතිවනු ඇත.
වෘෂභ
අලුත් වාහනයක්
තම මතයට අනුව කටයුතු කරන වකවානුවක් වන අතර තමා කරන කටයුතුවලින් උසස් තත්ත්වයකට පත් වීමට වාසනාව අත්වනු ඇත. ආර්ථික අපහසුතා ඇති වේ. අලුත් ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමට ද යහපත්ය.
මිථුන
කලාවට යහපත්
අන් අයට හිත ඇදී යන අතර කලා හා ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. වැඩිපුර තමා ගැන පමණක් සිතා කටයුතු කිරීමට යාම නිසා තම හිත මිතුරන් තමා සමඟ අමනාපකම් ඇති කර ගනී.
කටක
ව්‍යාපාර ලාභ
ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල වර්ධනය වනු ඇත. තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා එල්ල වේ. විශාල ගනුදෙනු කිරීමේදී පාඩු ලැබිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
සිංහ
සතුට සාමය
ලියවිලිවලට අත්සන් තැබීමේදී ඉතා කල්පනාකාරී විය යුතු වකවානුවක් වේ. පවුල් දිවියේ පැවති ප්‍රශ්න මගහැරී සතුට සාමය වර්ධනය වනු ඇත. හවුල් කටයුතු ඇරඹීමට යහපත් වකවානුවක් වේ.
කන්‍යා
අහිමි වූ දේ ලැබේ
ඔබගේ කටයුතුවලට විවිධ බලපෑම් ඇතිවන අතර ඔබට යම්කිසි දෙයක් පසුගිය වකවානුව තුළ අහිමි වී තිබුනේ නම් එම දේ නැවත අත්පත් කර ගැනීමට හැකි වන කාලයක් වනු ඇත. ශරීරයේ සෙම් පීඩාවක් ඇතිවනු ඇත.
තුලා
හවුලට හොඳයි
අවිවාහක අයට මංගල යෝග උදාවන අතර විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට පත්වන අතර හවුල් කටයුතුවලින් ඵල අත්වනු ඇත. කලාවට සම්බන්ධ කටයුතු කරන අයට යහපත් ඵල ලැබේ.
වෘෂ්චික
සිතේ සතුට
යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත් වන ඔබට නවීන වාහනයක් හෝ ඉඩමක් මිලදී ගැනීමට ද යහපත් වකවානුවක් වනු ඇත. සිතේ සතුට රැඳෙනු ඇත.
ධනු
ක්‍රීඩා ජය
නව නිර්මාණ බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් වන අතර ක්‍රීඩා අංශවල සිටින අයට ද තම දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබෙනු ඇත.
මකර
සෙම් රෝග
අන් අය තමාට වෂී වනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න උද්ගත වේ. තම කටයුතුවලට විවිධ පාර්ශව මගින් බාධා ගෙන දෙනු ඇත. සෙම් පීඩාවක් වර්ධනය වේ.
කුම්භ
පවුලේ සමගිය
ඔබට යහපත් ඵල අත්වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වේ. හිතමිතුරකුගෙන් ද උදව් උපකාර ලැබේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද යහපත් වනු ඇත.
මීන
සතුන්ගෙන් පීඩා
ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධාවන් ඇතිවනු ඇත. සතුන්ගෙන් යම්කිසි පීඩාවක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. ඇස්වල ආබාධයක් ද ඇති වේ.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල