සිටියෝතින් කොතරම් අගනේද ඉවසා
හැඟෙනතුරු සිහිනයක්
දිය ගඟුලක් සේම නිදහස්ව
ගලා යාවී මහ දුරක්...
වේලි, අමුණු පුරවා
මහ පොළොව සනසවා තෙමමින්
සියල් බාධක මුදා හරිමින්
සෙනෙහසේ හා සමගියේ
මල් වැල් පුබුදු කරමින්...
►සමන් හේරත්
(අහමඩ් සිද්දික් කවියාගේ පැදි පෙළක සිංහල පරිවර්තනයකි)