2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

Midnight Divas අපූරු සරාගී ඇඳුම් එකතුවක්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 260

අපි මෙදා ගමන ගියේ අපේ රටේ අය ගොඩක් කතාකරන්නේ නැති මාතෘකාවක් ගැන කතාකරන්න පුළුවන් විදිහේ තැනකටයි. ඒ තමයි කිරුළපන Midnight Divas. මේ අපූරු සාප්පුව ඇතුළේ නැති දෙයක් නැති තරම්. කොහොම වුණත් සාමාන්‍යයෙන් ගෑනු උදවිය විතරක්ම යන එන මේ වගේ තැනකට මම ඇතුළු වෙද්දි කට්ටිය පොඩ්ඩක් අමුතු විදිහට තමයි මගේ දිහා බැලුවේ.

තරුණියකගේ සරාගී පෙනුම වැඩිකරවන විවිධාකාරයේ ආයිත්තම් මෙතැන තියෙනවා. අමුතු විදිහේ ඇඳුම් වගේම පොඩි පොඩි උපකරණ වගේ දේවලුත් ඒ අතර වෙනවා.

අනිත් විශේෂත්වය තමයි මෙතැන ඕනෑම ශරීර මට්ටමක කෙනෙක්ට ගැලපෙන විදිහේ ඇඳුම් පැළඳුම් වගේම වෙනත් ආයිත්තම් තියෙනවා. ඒ නිසා ඕන කෙනෙක්ට සරාගී ලෙස හැඩ වෙන්න පුළුවන් කියන සංකල්පය මෙතැන දකින්න පුළුවන්. 

විවිධ පැළැඳුම් අතර වික්ටෝරියා සීක්‍රට් එකතුවට මුල් තැනක් ලැබිලා තියෙනවා. 

මගේ ගෙදරදොර පසුබිම ටිකක් සම්ප්‍රදායිකයි. ඒ හින්දම මෙතැන තියෙන ගොඩක් දේවල් ගැන මට කතාකරන්න වුණේ ලොකු අපහසුවකුත් එක්කයි. එක එක ආයිත්තම් ගැන කතාකරන්න ගිහින් මම ලොකු අමාරුවක වැටුණා. කොහොම වුණත් මේ වගේ මාතෘකා තහනම් මාතෘකා වෙච්ච සමාජයක මෙතැනට ගිහින් පොඩ්ඩක් විපරම් කරලා බලන්න පුළුවන් වුණු එකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නෙ. 

 ධනූ 
ඡායාරූප - you’re my favorite

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00