2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

රුව පැහැපත් කර ගැනීමට ආයුර්වේදයෙන්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

මුහුණටයි - ගෙලටයි

තිරුඟු පිටි තේ හැඳි 4
කහ කුඩු තේ හැඳි ½
අබ තෙල් මේස හැඳි 1
ජලය ස්වල්පයක්

ඉහත සඳහන් දෑ ජලය ස්වල්පයක් සමඟ මිශ්‍රකර තලපයක් සේ සාදා ගන්න. එය මුහුණේ, බෙල්ලේ ආලේප කර විනාඩි පහළොවකට පසුව හොඳින් සෝදන්න.

මුහුණ පැහැපත් කර ගන්න

පිපිඤ්ඤා යුෂ තේ හැඳි 02
අර්තාපල් යුෂ තේ හැඳි 02

මෙම යුෂ රෙදි කැබැල්ලක පොඟවා මුහුණ මත එලා විනාඩි විස්සකට පසුව ඉවත් කරන්න.

කඩල පිටි තලපයක්

තක්කාලි යුෂ තේ හැඳි ½
දෙහි යුෂ තේ හැඳි ½
කහ කුඩු ½
කඩල පිටි තේ හැඳි 1

මෙම ද්‍රව්‍ය සියල්ල ජලය ස්වල්පයක් සමඟ මිශ්‍ර කර තලපයක් ලෙස සාදාගන්න. මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි පහළොවකට පසුව සෝදා හරින්න.

ස්නානයට පෙර

බාර්ලි පිටි තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 01
අබ තෙල් තේ හැඳි 02

මෙම මිශ්‍රණය ස්නානයට පැය භාගයකට පෙර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර පසුව හොඳින් සෝදා හරින්න.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00