2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

හික්කඩුවේ “කුරුඳු සුවඳ” හෝටලේ ලවන්ගා රෙසෝර්ට්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

හික්කඩුව කියන්නේ ලංකාවේ තියෙන දර්ශනීයම වෙරළ තීරයන්ගෙන් එකක්. හැටේ දශකයේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ පිබිදීමත් එක්ක සංචාරකයන්ගේ අවධානය දිනාගත් පළමු මුහුදු තීරය විදිහටත් හික්කඩුව හඳුන්වන්න පුළුවන්. 

කොරල්පර පිහිටා තිබීම නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වුණු හික්කඩුව, අද වනවිටත් කිමිදීම, සර්ෆින්, ස්නෝක්ලින්, ජෙට් බෝට් රේසිං, ස්කේටින් වගේ මුහුද ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසකට හොඳ තෝතැන්නක්.

මේ අපූරු වෙරළ කලාපයට අලුතින්ම එකතුවුණු හෝටලයක් තමයි ලවන්ගා රෙසෝර්ට් කියන්නේ. හික්කඩුව නගර මධ්‍යයේ ඉඳන් කිලෝ  මීටර හතරක් දකුණින් පිහිටලා තියෙන මේ හෝටලයේ මුළු කාමර සංඛ්‍යාව 60ක්. ඒවා  luxury sea view, sea view suites, family suites සහ Presidential suite යන මාදිලිවලින් ඉදිරිපත් කෙරෙනවා. මේවායේ මිනිබාර්, කේබල් ටීවී, IDD වගේ පහසුකම් රැසක් තිබෙනවා. 

සිංහල භාෂාවෙන් ලවන්ගා කියන්නේ කුරුඳු ගහේ අංකුරයෙන් නික්මෙන සුවඳට යි. ඉතින් සංචාරකයන්ගේ ගත වගේම මනසත් නිවාලන්න වුවමනා කරන පහසුකම්වලින් පිරුණු මේ හෝටලයට ඒ නම ගොඩක් හොඳට ගැලපෙනවා. 
ඉතාමත් සුන්දර ආකාරයට නිර්මාණය කරතිබෙන හෝටලයේ ප්‍රධාන අවන්හලේ දේශීය වගේම යුරෝපීය සහ චීන ආහාර වර්ගත් විශේෂයෙන්ම ඉතාලි ආරේ කෑම වර්ගත් පිරිනැමෙනවා. හික්කා ටික්කා නමින් මීට මාස කිහිපයකට පෙර සැබෑ ඉන්දියානු ආහාර රසයෙන් යුත් කෑම වර්ග පිරුණු අවන්හලකුත් මෙහි විවෘත කෙරුණා. කොහොම වුණත් සංචාරකයන් වැඩිදෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ මුහුදු ආහාරවලටම තමයි. ආහාර වගේම අපිටම ආවේණික පළතුරැවලින් හදන සෞඛ්‍යසම්පන්න ජූස් වර්ග ගැනත් අමතක කරන්න බැහැ.

ප්‍රධාන අවන්හලට අමතරව කේක්, ප්‍රේස්ට්‍රි, පාන් වර්ග, නැවුම් පළතුරු ජූස් වගේ දේවල් තිබෙන අවන්ලේදීත් ඊට අතිරේකව Sky Bar, Pool Bar සහ Ice cream shop වලදීත් විවිධ රස අත්දැකීම් ලබන්න පුළුවන්. 

පවුල් පිටින් පැමිණෙන සංචාරකයන්ගේ අවශ්‍යතා සඳහාත් ලවන්ගා රෙසෝර්ට් වැඩි පහසුකම් සලසා තිබෙනවා. හෝටලය තුළම දරුවන්ට සෙල්ලම් කිරීමේ ස්ථානයක්, දරුවන්ටම වෙන්වුණු පිහිනුම් තටාකයක්, කුඩා සිනමා ශාලාවක් වගේ බොහෝ දෑ ඊට ඇතුළත්. ස්පා එකක්, ජල ක්‍රීඩා ඒකකයක් වගේ තවත් බොහෝ පහසුකම් මෙහිදී දැකගත හැකියි. 

 සනත් වීරසූරිය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00