රුක්ෂාන් ප්‍රභාත් කරුණාතිලක කෙටිකතාවට ආධුනිකයෙකි. ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය විප්‍රයෝගය පසුගියදා සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. නමුත් එම කෙටිකතා සංග්‍රහය් පරිණත ලක්ෂණ සහිත කෙටිකතා කිහිපයක්ම අපට හමුවේ. අද ලේඛකයෝ අමුතු ඉසව් සොයායාමට කැමැත්තක් දක්වති. විවිධ අත්හදාබැලීම් කරති. රුක්ෂාන් තම කෙටිකතා ඉදිරිපත් කරන්නේ සමාජයේ ඉතා සුළු සිද්ධියක අප නොහිතනා ඉසව්වක් ගවේෂණය කරමිනි. මෙම කෘතියේ එන කෙටිකතා දහයේම අඩුවැඩි වශයෙන් ඉහත කාරණය ඉස්මතු වේ.
ඔහුගේ කෙටිකතා කියවන විට සම්භාව්‍ය යුරෝපීය ලේඛකයන් වන ගීද මෝපසාං, සමර්සෙට් මෝම් වැනි නිර්මාණකරැවන්ගේ කෙටිකතා සිහිපත් වේ. තම කෙටිකතාවලදී අවසානය දක්වා පාඨක කුතුහලය රඳවාගැනීමට ඉහත ලේඛකයෝ සමත් වෙති. රුක්ෂාන් ද එම ශෛලිය අනුගමනය කරන බව පෙනේ.
සුදු කළු සහ ඇලි කෙටිකතාව කුඩා දරුවන් සිටින බොහෝ දෙමාපියන්ට මුහුණදීමට සිදුවන සිද්ධියකි. ඇයි පුතේ ඔයා මොන්ටිසෝරි යන්න බෑ කියන්නේ? උභතෝකෝටික ප්‍රශ්නයක සිරවී සිටි ප්‍රියන්තා චූටි දුවගෙන් නිතරම ඇසුවාය. ඇයි ඔයාට යාළුවො නැද්ද? කවුරුහරි ඔයාට ගහනවද? කියන්න පුතේ... ප්‍රියන්තා නොයෙක් ප්‍රශ්න චූටි දුවගෙන් ඇසුවාය.
මට බෑ අම්මි සිතුමිලි කියනවා මම කළුම කළුයි කියලා (16 පිට)
තම දරුවාට කළු යයි පවසන සිතුමිලි කෙරෙහි ප්‍රියන්තා වෛර බැඳගෙන සිතින් දොස් පවරයි. එහෙත් කෙටිකතාවේ අවසන සිතුමිලි දැරිය ගැන පාඨකයා තුළත් අනුකම්පාව ඉපදවීමට කතුවරයා පමත් වේ.
මදුරුවෝ නම් කෙටිකතාව දුම්රිය මැදිරියකින් වැටී සිදුවන මරණයක් සම්බන්ධයෙනි. එහිදී විත්තිකරුවකුට එරෙහිව චෝදනා එල්ලවන්නේ මැදිරියෙන් තල්ලුකොට දුම්රිය පරීක්ෂකවරයෙකු මරාදැමීම පිළිබඳවය. එහිද අවසානය දක්වා පාඨකයා තුළ කුතුහලය රඳවාගැනීමට කතුවරයා සමත් වේ. එහෙත් එම අභව්‍ය සිද්ධිය කෙටිකතාවකට තරම් වැදගත්දැයි යන පැනය ද අප තුළ මතුවේ.
මිනීමරැවා කෙටිකතාව අපූරැ නිර්මාණාත්මක ලක්ෂණ පළකරන්නකි. විශ්වවිද්‍යාල මිතුරෙක් හමුවන බණ්ඩාර පමණ ඉක්මවා මත්පැන් බොයි. ඊටපසු ඔහු අතින් සිදුවන සිද්ධියක් පාඨක කුතුහලය වඩවන ආකාරයට පෙළගැස්වීමට කතුවරයා සමත් වී තිබේ.
නැවතත් සිතට ධෛර්යය ගෙන බණ්ඩාරේ සිදුවූ දෙය තහවුරු කරගැනීමට මෙන් සෙමෙන් සෙමෙන් ජනේලය ඇර හන්දිය දෙස බැලීය. පොලිස් නිලධාරීන් රංචුවක් ඒ අසල සක්මන් කරනු දුටු බණ්ඩාරේ බියපත්ව වහා ජනේලය වසා දැම්මේය. සෝමදාස මරුමුවට පත්ව ඇතිබව බණ්ඩාරේට සක්සුදක් සේ පැහැදිලිය. (68 පිට)
අප කා තුළත් ඇතිවිය හැකි සැකය යන කාරණය නිසා හටගන්නා අනියත බිය පාඨකයා තුළ හැඟීම් දැනවෙන පරිදි කෙටිකතාව තුළ මතුකර තිබේ.
ජනේලය තවත් සාර්ථක කෙටිකතාවකි. කුලී ගෙදරකට යන තම යුවළකට යාබද නිවසේ පුංචි දරුවා නිසා විඳීමට සිදුවන ගැහැට ගැන එහි දැක්වේ. නමුත් ඔවුනට පසුව එම දරුවා අමතක කළ නොහැකි වේ.
නන්නාඳුනන්නෝ සුලබ අත්දැකීමක් විවරණය කරන්නකි. බොහෝ කලකට පෙර තමා පෙම්කළ පෙම්වතිය මැහැල්ලක් වී සිටියදී අහම්බෙන් හමුවීමක් එහි දැක්වේ. එම කෙටිකතාවේ ගොඩනැගීම ද එතරම් සාර්ථක නොවේ.
ගන්ධබ්බයෝ තවත් සුලබ අත්දැකීමක් රුගත් කෙටිකතාවකි. විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා තරුණයෙක් සම්බාහන මධ්‍යස්ථානයකදී තම සොයුරිය අහම්බෙන් හමුවීම නිසා සියදිවි නසාගැනීමක් ගැන එහි විස්තර කෙරේ.
භාෂාව, ඉදිරිපත් කිරීමේ ශෛලිය ගැන තවදුරටත් උනන්දුවීමෙන් රැක්ෂාන්ට අනාගතයේ දී වඩාත් සාර්ථක මාවතකට අවතීර්ණ විය හැකි බවට ඉඟි විප්‍රයෝගය ඔස්සේ අපට හමුවේ.
පාඨක