2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

පැඩල් කර කර කෑම ගන්න CAFE BAGATALLE

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 189

ෆවුසල් හමීඩ් කියන විදිහට මේ ආසනේ වාඩිවෙලා සමබරතාව තියාගෙන ආහාර ගන්න බැරි නම් ඒකෙ තේරුම තමයි අපි නීරෝගීමත් නැහැ කියන එක. මම වාඩිවෙලා හිටියේ මීට දවස් කිහිපයකට කලින් විවෘත කරපු CAFE BAGATALLE අවන්හලේයි. මේ අවන්හල පිහිටලා තියෙන්නේ කොල්ලුපිටිය බගතලේ පාරේයි. මාත් එක්ක මේ අවන්හල නිර්මාණය කරපු ෆවුසල් හමීඩුත් හිටියා.

සමබරතාවයෙන් යුත් සමබල ආහාර වේලක් මෙතැනදී රස විඳින්න පුළුවන්. කොහොම වුණත් මෙතැන තියෙන විශේෂත්වය තමයි බයිසිකලයක් පදිනවා වගේ පැඩ්ල් කරමින් ආහාර ගන්න ලබාදීලා තියෙන අවස්ථාව.

බොහොම සරල පෙනුමට තියෙන මේ අවන්හලේ මුළුතැන්ගෙය පිටතට විවෘතයි. ඒ කියන්නේ අපි ඇණවුම් කරන ආහාර පිළියෙල වෙන්නෙ කොහොමද කියලත් අපිට බලාගන්න පුළුවන්. ඒ හින්දම පිරිසිදුකම ගැන මෙතැනදි වදවෙන්න ඕනෙම නැහැ. 

මම මුලින්ම රස බැලුවේ ENERGY BOWL නමින් හඳුන්වන කෑමක්. ඒක මාළු හෝ චිකන් වශයෙන් කැමති ආකාරයෙන් ලබාගන්න පුළුවන්. ඒ සමඟම බොයිල් කරපු එළවළු කිහිපයක් සහ සෝස් වර්ගයක් පිළිගැන්වෙනවා. ඒ විතරක් නෙමේ බාර්ලි සුප් එකකුත් කොළ සලාදයකුත් ලැබෙනවා. සෞඛ්‍ය ගැන හිතන කෙනෙක්ට සාධාරණ ගාණකට ගන්න පුළුවන් ආහාරයක් විදිහට මේ ENERGY BOWL එක හඳුන්වන්න පුළුවන්.

මීට අමතරව නැවුම් පළතුරු, ඕට්ස්, බ්‍රවුන් බ්‍රෙඩ් වගේ උදෑසන ආහාරයක් විදිහට ගැලපෙන ආහාර කිහිපයක්ම දකින්න පුළුවන්. මේ ගොඩක් ආහාරවල මිල ගණන් තියෙන්නේ රුපියල් පන්සීයේ සීමාවේයි. ජූස් එකක මිල රුපියල් දෙසීයක් විතර. ඒ හින්දා සාක්කුවට එච්චර දැනෙන්නෙත් නෑ.

- ධනූ
- ඡායාරූප - You’re my favorite

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00