2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ඩ්‍රැගන් පෘට් පිළිකා නසන මකරෙක්

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

ඩ්‍රැගන් පෘට් අපගේ රටේ පළතුරක් නොවුණත් මෑතකාලයේදී අප රටේ ඉතා ජනප්‍රිය වූ පළතුරකි. මෙම පළතුර හෘදයාබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල්, වකුගඩු සහ පිළිකාමය තත්ත්වයෙන් වළක්වා ගැනීමට උපකාරී වේ.
මෙම පළතුර ආහාරයට ගත්විට මනා ප්‍රතිශක්තියක් ඇති කෙරේ. සැබැවින්ම බොහෝ රෝග ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ප්‍රතිශක්තිය දුර්වල වීමය. සිරුරේ ශක්තිය ඇති කිරීමට විටමින් මහඟු සේවාවක් ඉටු කරයි. ඩ්‍රැගන් පෘට්වල විටමින් සී අඩංගුව පවතී. දොඩම්වල පවතින විටමින් සී ප්‍රමාණයට සමාන විටමින් සී ප්‍රමාණයක් ඩ්‍රැගන් පෘට්වල පවතී. බොහෝවිට කැරට්වල ඇති විටමින් සී ප්‍රමාණයට වඩා තුන් ගුණයක් ඩ්‍රැගන් පෘට්වල පවතී.

එමෙන්ම බොහෝ රෝග සුවකරන ප්ලෙවනොයිඩ අන්තර්ගතවේ. සෑම රෝගයකම ප්‍රතිකාර ලෙසත් ඇතිවීමට හැකි රෝග වළක්වා ගැනීමටත් හොඳ පළතුරක් ලෙසින් ඩ්‍රැගන් පෘට් හැඳින්විය හැක. එමෙන්ම බී1, බී2, බී3 වැනි විටමින් වර්ගද, යකඩ, ප්‍රෝටීන්, නියුසීන් කෙඳිද, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, පොස්පරස්ද ශරීරයට හිතකර මේදය යහමින්ද අන්තර්ගත වේ. එම පෝෂණය මඟින් සිරුර නිරෝගී බව මැනවින් ලබාදිය හැකි රෝගද වළක්වා ගත හැක. මේවායේ විවිධ වර්ණයන් තිබුණද එහි ගුණයත් එක සමාන වේ.

එමෙන්ම ශරීරයට අත්‍යාවශ්‍ය මූලද්‍රව්‍ය සින්ක් ඇතුළු බොහොමයක් අන්තර්ගත වේ.

සැළකිය යුතු කෙඳි ප්‍රමාණයක් ඇති නිසා මලබද්ධය දුරලයි. බඩවැලේ චලනය හොඳින් සිදුකර ආහාර හොඳින් දිරවා මනා පෝෂණයක් ඇති කරයි. ආහාර මාර්ග ආශ්‍රිත ආහාර ජීර්ණ සම්බන්ධයෙන් බොහෝ රෝගවලට ගුණ පළතුරක් ලෙසින් ඩ්‍රැගන් පෘට් හැඳින්විය හැක.

මහ බඩවැලේ ඇතිවන පිළිකාමය තත්ත්වයන්ට ඉතා ගුණදායක වේ. විටමින් සහ අනෙකුත් ප්‍රතිශක්තිකාරක අඩංගු නිසා පිළිකා නාශකයට ඉතා ගුණදායක ඖෂධයකි. ප්‍රතිජීවක ගුණ ඇති නිසා සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කෙරේ.

බැක්ටීරියා සහ දිලීරවලට විරුද්ධව ක්‍රියාකිරීමේ ගුණයක් පවතී. සුදු රුධිරාණු නිපදවීම වැඩිකර සිරුර තුළ එකතුවන විෂවලට විරුද්ධව ක්‍රියාකරන රෝග ඇතිවීම වළකයි. ශරීරයේ සෛල නවැත හටගැනීම උත්තේජනය කර තුවාල සුවකිරීමේ ගුණය පවතී. මෙහි ප්‍රෝටීන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇත. නිර්මාශ ආහාර ගන්නා අයට ඩ්‍රැගන් පෘට් ඉතා ගුණදායක ප්‍රෝටීන් ආහාරයකි. සිරුරට ශක්තිය ඇති කිරීම, ශරීරයේ සෛල අලුත්වැඩියාවද ඉක්මනින් සිදුවීම මෙමගින් සිදුවේ. සිරුරට අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. රුධිර නාල තුළ රුධිර කැටි ගැසීම් ඇතිවීම වළක්වා හෘද රෝග සුවපත් කෙරේ. ඩ්‍රැගන් පෘට්වල හදවතට හිතකර මේද අඩංගු වේ.

කෙඳි සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතව පවතින බැවින් දියවැඩියා රෝග, රුධිරයේ සීනි මට්ටම පාලනය කෙරේ. සන්ධි අමාරු දුරු කරයි. අමාශයේ ඇතිවන තුවාල සුවපත් කෙරේ. අධික තරබාරු අයට මහත මට්ටු කිරීමට ගුණදායක පළතුරකි. කැලරි ප්‍රමාණය අඩුය.

පිළිකා සෛල වැඩිකිරීම අඩුකරයි. ගර්භනී අයගේ ෆෝලික්, යකඩ ඌනතාවලට ගුණදායක වේ. එමෙන්ම ආර්තවහරණයෙන් පසුව ඇතිවන රක්තහීනතාවයට ගුණදායක පළතුරකි. රුධිර පට්ටිකා වැඩීමට ගුණදායක වේ. මේ නිසා ඩෙංගු රෝගීන්ට පළතුරක් ලෙස හෝ දියරයක් ලෙසින් ඩ්‍රැගන් පෘට් දීම ඉතා ගුණදායක වේ. ආහාර රුචිය ඇති කරයි. එමෙන්ම කුරැලෑවලටද ඉතා ගුණදායක පළතුරක් වන ඩ්‍රැගන් පෘට් ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග මර්දනය කරගැනීමට හැකිවේ.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල