2018 මාර්තු 03 වන සෙනසුරාදා

බලුකම අපේද? සුද්දගෙද?

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 227

ඇඳුමක් උඩ ගියාම කට ඇරන් බලන් ඉන්න,

අලුත් ෆැෂන් එකක් ඇන්දම කලිසම ඉරිලද කියලා අහන,

බ්ලවුස් එකක් කොටට ඇන්දම බඩ සුදුයි කියන,

කොණ්ඩේ වවපු කොල්ලෙක් දැක්කම ගංජාකාරයෙක් කියන,

කනට කරාබුවක් දැම්මම කුඩ්ඩෙක් කියන,

ටැටූ එකක් ගැහුවම රස්තියාදුකාරයෙක් කියන,

සතියකට සැරයක් බිව්වම ඌ රට බේබද්දෙක් කියන,

කිරි බොන කිරි සප්පයින්ව දූෂණය කරන,

තමන්ගෙම ලෙයින් හැදුන දරුවව දූෂණය කරන තාත්තලා ඉන්න,

කසාදේ එපා වුණාම දික්කසාද නොවී බෙල්ල කපන පිහියෙන් අනින,

හවස් වරුවෙ පාරක කෙල්ලෙක් තනියම යද්දි අතින් ඇදගෙන යන්න දඟලන,

බස් එකේ යද්දි වයසක පිරිමි ඇඟට හේත්තු වෙන,

කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් පරිස්සමින් ඉන්න බැරි රටේ සංස්කෘතිය හරි ඉහළයිලු.

ගෙදර ඉන්න ඉස්කෝලේ යන එකාගෙ ලව් ලෙටර් එකක් අහුවුණාම කෑම මේසේදි ඔක්කොම එකතුවෙලා ඒකට කන්න එපා කරලා විතරක් නෙමෙයි, ජීවිතේම එපා කරවලා වහ කන තැනට වැටෙනකම් එල්ලිලා මැරෙනකම් බණින ලංකාවේ මිනිස්සු කෑම මේසෙදි වචනයක් කතා නොකරන තරම් වීනිත සුද්දාගෙ රටේ සංස්කෘතිය බලුයි කියනවා.

ඇයි? 

සුද්දා ගෑනියෙක්, ඇඳුම් නැතිව ඉන්නවා දැක්කත් අහක බලන නිසාද?

ළමයින් එක්ක යාළුවො වගේ ලිංගිකත්වය, ගෑනියෙක්ගෙ නිරුවත ගැන කුතුහලය නැති කරලා ඕනම දෙයක් ගැන සුහදව කතා කරන නිසාද?

අවුරුදු 18ට පස්සෙ තනියම යැපෙන්න ජීවිතේ හුරැකරන නිසාද?

සෙක්ස් කියන දේ උන්ට මැජික් නොවෙන නිසාද?

තමන්ගෙ දරුවන්ව උන් දූෂණය නොකරන නිසාද?

තනියම රෑ ජාමේ කෙල්ලෙක් තනියම පාරක ගියත් අතින් ඇදන් යන්නෙ නැති නිසාද?

පාරෙ දවල්ට කෙල්ලෙක් තනියම යද්දි කනට ඇහෙන්න අමු කුණුහරප නොකියන නිසාද?

පාරෙ කවුරුවත් නැති තැන්වලදි කෙල්ලන්ගේ අනවශ්‍ය තැන් අල්ලන්න උත්සාහ නොකරන නිසාද?

කසාදේ නොගැලපුණාම දෙන්නා කතා කරලා සුහදව වෙන්වෙන නිසාද?

මිනිස්සුන්ගේ හිත් දුෂණය වෙලා තියෙන රටේ සංස්කෘතියක් ගැන කවර කතාද? සංස්කෘතිය රැකගෙන එන්න ඕන අද කාලේ ඉන්න මිනිස්සුත් ජඩවැඩ කරද්දි ඉදිරි පරම්පරාව සංස්කෘතියක් රකීවි කියලා බලාපොරොත්තුවක් තියාගන්න හරි අමාරුයි..

 උපුටා ගැනීමකි