2018 මාර්තු 03 වන සෙනසුරාදා

මඩ ගාගෙන නාගෙන දුවන සෙල්ලම

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191

ධාවනය කිව්වම දුර දිවීම, කෙටි දුර දිවීම, මෝටර් රථ ධාවනය, යතුරු පැදි ධාවනය වගේ ගොඩක් ඉසව් තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ විනෝදයට කරන අපූරු ධාවනයක් ගැනයි. ඒ තමා මඩ ගොඩේ ධාවනය.

මේක ලංකාවේ නම් එච්චර දකින්න නැහැ. හැබැයි යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ වගේ බහුලව දකින්න පුළුවන් සෙල්ලමක් තමයි Mud racing හෙවත් මඩ ගොඩේ ධාවනය කියන්නේ. 

මේක බොහොම සරල ක්‍රීඩාවක්. කරන්න තියෙන්නේ මඩ පිරුණු මංතීරුවක් දිගේ ධාවනයේ යෙදෙන එකයි. මේ මඩ ගොහොරුව දුරට යන්න යන්න ගැඹුරින් වැඩිවෙන නිසා එරෙන්නෙ නැතිව දිනුම් කණුව ළඟට යන එක ලේසිපාසු වැඩක් නෙමේ. ඒ වගේම තවත් අවස්ථාවලදී බඩගාමින් ඉදිරියට ඇදෙන්න සිදුවෙන අවස්ථාත් තිබෙනවා. ඒ නිසා මඩ ගාගෙන විතරක් නෙමේ මඩ නාගෙන තමා ඉස්සරහට යන්න වෙන්නෙ.

ගැහැනු පිරිමි භේදයකින් තොරව සිද්ධ වෙන මේ සෙල්ලම අපේ රට තුළත් හොඳට ජනප්‍රිය කරන්න පුළුවන් ක්‍රීඩාවක් බවට නම් සැකයක් නැහැ. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00