2018 මාර්තු 03 වන සෙනසුරාදා

රට තරමක් සන්සුන්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවි යෝග බලය

රටෙහි පැවති යම් යම් ප්‍රශ්න, කරදර තරමක් දුරට මඟහැරී සන්සුන් වන වකවානුවක් වේ. රටෙහි දරු උපත් ප්‍රමාණය වැඩි කාලසීමාවක් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පුනරාගමනයට කටයුතු යෙදෙන අතර ප්‍රභූ විවාහ මංගල්‍යයක් සිදුවනු ඇත. අධිකරණවල දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නඩු බහුල වන අතර ආගමික කටයුතු පිළිබඳ පැනවූ නීතියක් විවේචනයට ලක්වනු ඇත. රංගන සහ කලා ක්ෂේත්‍රයේ නියැලි අයකු ඇගයීමට පාත්‍ර වේ.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී ස්ත්‍රීන්ට හා ළමයින්ට බලපාන අපරාධවල ඉහළ යාමක් සිදුවන අතර සමාජ සේවා ආයතන, රෝහල් ආශ්‍රිතව දියුණුවට කටයුතු සැලසෙනු ඇත. නාවික හමුදාවට තරමක් අයහපත් වන අතර නාවික යාත්‍රාවක් අනතුරට පත්වීමක් ද වාර්තා වෙයි.

මේෂ - තැන්පත් ධනය වැය 
ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිකෙරේ. යම්කිසි භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා තමාගේ තැන්පත් ධනය වියදම් කරන වකවානුවක් වන අතර පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවනු ඇත.

වෘෂභ - උදවු උපකාර
සමාජ සේවා කටයුතුවල නිරත අයට ඉතා යහපත්ය. තම හිතවතුන්ගෙන් උදව් උපකාර අත්වන අතර ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට ද ලාභ වැඩියෙන් ලැබේ. විරුද්ධ ලිංගික ආකර්ශනයට ඔබ නතුවනු ඇත.

මිථුන - ප්‍රශ්න රැසක් විසඳේ
ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර ඔබව අන් අයගේ පැසසුමට ලක් වේ. උසස් වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙයි. පැවති ප්‍රශ්න රැසක් මඟහැරී සිතට සහනය අත්වනු ඇත.

කටක - විදේශගතවීම්
ඔබට ද ශුභ ඵල අත්වන අතර ඔබගේ කටයුතු රැසක් සාර්ථක කරගත හැකිවනු ඇත. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. වන්දනාවකට හෝ විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටියේ නම් එම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

සිංහ - බාධා වැඩියි
ඔබට එතරම් යහපත් නොවනු ඇත. ගිවිසුම්වලට අත්සන් තැබීමේ දී කල්පනාකාරී වන්න. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. 

 සිකුරු රජ වේ

කන්‍යා - ප්‍රසිද්ධියට පත් වේ
ඉතා යහපත් වන අතර ඔබගේ කටයුතු රැසක් ඉටුකරගත හැකි වකවානුවකි. පවුල් දිවියේ ද සමගිය වර්ධනය වන අතර අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත. අන් අය අතර ප්‍රසිද්ධියට පත්වනු ඇත.

තුලා - සතුන්ගෙන් පීඩා
ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාවන් ඇති කරන අතර සතුන්ගෙන් යම්කිසි පීඩාවක් ඇතිවනු ඇත. හවුලේ කටයුතුවලින් ප්‍රශ්න ඇතිවනු ඇත.

වෘශ්චික - මංගල යෝජනා
විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වන අතර අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත. සමාජ සේවා කටයුතුවල නිරත අයට යහපත් ඵල අත් වේ. කලා කටයුතුවල නිරත අයට නව නිර්මාණ බිහිකිරීමට හැකිවනු ඇත.

ධනු - නව දේපල
ඉතා යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු රැසක් සාර්ථක කරගත හැකි වේ. නව දේපලක්, වාහනයක් මිලදී ගැනීමට සුදුසු වකවානුවක් ද වේ. සිතට වද දෙන ප්‍රශ්න මඟහැරී සහනය සැනසීම ලැබේ.

මකර - ලේඛනයට හොඳයි
ලේඛන කටයුතුවල, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වී සිටින අයට ඉතා යහපත් ඵල අත්වන අතර කෙටි ගමන්වලින් ප්‍රයෝජන අත්වනු ඇත. ඔබගේ හිත මිතුරන්ගෙන් ද ඔබට උදව් උපකාර අත්වන වකවානුවකි.

කුම්භ - නව නිපැයුම්
තැන්පත් ධනය වර්ධනය කරගත හැකි වකවානුවක් වන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත් වේ. සේවා ස්ථානයේ පැවති යම් යම් ප්‍රශ්න තරමක් දුරට මඟහැරී යනු ඇත. මුදලක් ආයෝජනය කර නව නිපැයුමක් ආරම්භ කිරීමට සුදුසු කාලයකි.

මීන - හවුලට යහපත්
ඉතා යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථකත්වයට පත්වන වකවානුවකි. විරුද්ධ ලිංගික ආකර්ශනයට ඔබව පත්වනු ඇත. ව්‍යාපාරික කටයුතු ආරම්භයටත්, හවුල් කටයුතුවලටත් ඉතා ශුභ වකවානුවක් වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00