2018 මාර්තු 10 වන සෙනසුරාදා

සීනි කියන්නෙ ලෙඩ වාට්ටුවක්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

අද බොහෝ දෙනා සීනි කෑමට දක්වන්නේ සුවිශේෂ කැමැත්තකි. ඇතැම් ආහාරවලට එකතු කරන ලද අධික සීනි ශරීරයට අහිතකර ද්‍රව්‍යයකි. විශේෂයෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා කරමින් විවිධ ලෙඩරෝග ඇති කිරීමට සීනි දායක වීම ඊට හේතුවයි. සීනිවල (ග්ලූකෝස් පෘක්ටෝස්) කැලරි බොහෝ අන්තර්ගත වේ. එහෙත් අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ අන්තර්ගත නොවේ. එම නිසා පෝෂණ විද්‍යාඥයෝ සීනි හිස් කැලරි යනුවෙන් හඳුන්වති.

මෙහි විශේෂ ප්‍රෝටීන් නැත. මේදය, විටමින්, ඛනිජ ලවණ ද නොමැත. අඩංගු වන්නේ ශක්තිය පමණි. සාමාන්‍යයෙන් මිනිසුන් තමන්ගේ කැලරි අවශ්‍යතාවයෙන් 10% - 20%කට වැඩි ප්‍රමාණයක් සීනිවලින් ලබාගත් විට එය පෝෂණ ඌණතාවයට ප්‍රධාන හේතුවකි. එසේම දත්වලට ඉතාම අහිතකරය. සීනි මුඛයේ ජීවත් වන බැක්ටීරියා පහසුවෙන් දිරවිය හැකි ශක්තියක් ලැබෙන ද්‍රව්‍යයක් වීම එයට හේතුවයි.

සාමාන්‍යයෙන් නිතර නිතර විශාල ප්‍රමාණය සීනි අනුභව කළ විට අක්මාවේ තෙල් තැන්පත් වේ. එහෙත් මේ සඳහන් කරනු ලබන සීනිවල නරක ප්‍රතිඵලය පළතුරු සීනිවල නොමැත.

අප ගන්නා ආහාරයේ ඇති වැඩිපුර සීනි අක්මාවේ මේදය ලෙස තැන්පත් වූ විට එය LDL කොලෙස්ටරෝල් බවට පත්වේ. මෙසේ අක්මාවේ තෙල් තැන්පත් වීම දිගින් දිගටම සිදුවුවහොත් නන් අල්කොහොලික් ෆැටිලිවර් ඩිසීසස් සෑදේ. මෙය බටහිර රටවල්වල මිනිසුන් අතර බහුල පරිවෘත්තිය ක්‍රියාවන්ට අදාළ රෝගයකි. සාමාන්‍යයෙන් පෘක්ටෝස් අවශ්‍ය ප්‍රමාණයට වැඩි වූ විට මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.

අධික ග්ලූකෝස් ප්‍රමාණයක් ලේවලට එකතු වීමෙන් විෂ තත්ත්වයක් ඇතිවිය හැක. අහිතකර වීමෙන් දියවැඩියාවෙන් අන්ධභාවය ද ඇතිවිය හැක. එසේම අධික සීනි අනුභවය පරිවෘත්තිය ක්‍රියාවලියට බාධාවක් වී ඉන්සියුලින්වල කාර්යභාරය අඩපණ කරයි.
ඉන්සියුලින්වල නියම ක්‍රියාව අඩපණ වීම මගින් විවිධ රෝග ඇති කරයි. විශේෂයෙන් අධික තරබාරැව, හෘද රෝග සහ දියවැඩියාව මේ නිසා ඇතිවේ. එමෙන්ම පිළිකාමය තත්ත්වයන් ඇතිවීමට සීනි හේතුවන බව කරනු ලබන විවිධ පරීක්ෂණවලින් සනාථ වී ඇත.

සමහරු මත්පැනට සහ සීනිවලට දැඩි ඇබ්බැහි වීමක් දක්වති. සීනි අඩංගු කෘත්‍රිම ආහාර මිනිසුන් අනුභව කරන නිසා කැලරි අධික වීමෙන් ඉහත සඳහන් කළ රෝග තත්ත්වයන් ඇතිවිය හැක. මේ සීනි සහිත කෘත්‍රිම ආහාරවලින් කුඩා දරැවන් ඈත් කළ යුතුය.
ස්වාභාවික පළතුරැවල ඇති පෘක්ටෝස් ශරීරයට අහිතකර නොවේ. පළතුරුවල වැඩිපුර පෘක්ටෝස් අඩංගු වේ. එමෙන්ම පළතුරැ වැඩිපුර අනුභව කළ විට වැඩියෙන් ලැබෙන පෘක්ටෝස්වලින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල විටමින්, ඛනිජ ලවණවලින් සමනය කිරීමක් සිදුවේ. සාමාන්‍යයෙන් දිනකට ලබාගත යුතු පෘක්ටෝස් ප්‍රමාණයේ මධ්‍ය අගය වන ග්‍රෑම් 70 ක් පමණ ඉක්මවා අනුභවය සුදුසු නැත.

උදාහරණ ලෙස පේර ගත් විට සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි 2 ක් පෘක්ටෝස් ග්‍රෑම් 2.2ක්ද, දොඩම් මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක ග්‍රෑම් 1.6ක්ද, ගස්ලබු මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක ග්‍රෑම් 6.3ක්ද, කෙසෙල් ගෙඩියක ග්‍රෑම් 7.1ක්ද, ඇපල් මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක ග්‍රෑම් 9.5ක්ද, අන්නාසි එක කැබැල්ලක ග්‍රෑම් 4ක්ද අඩංගු වේ.

ඔබ ආහාරයකට සීනි එක්කරගන්නවා නම් සුදු සීනි වෙනුවට දුඹුරැ සීනි එක්කරගැනීම සුදුසුය. එමෙන්ම පොල්පැණි, හකුරැ වැනි කෑම වර්ග වැඩිපුර ගැනීමෙන් වැළකිය යුතුය. සීනි අධිකව ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට ද එහි අයහපත් ප්‍රතිඵල අත්විය හැක. මේ නිසා සීනි භාවිතය අවම කිරීම අවශ්‍යය. එමෙන්ම ඇල්කොහොල්වල ඇති සීනි ශරීරයට ඉතා අහිතකර වන අතර එමගින් මොළයේ ශක්තිය ද අඩු කෙරේ.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල