දිවයිනේ වෙහෙර විහාරස්ථාන එකසිය දහතුනක් හැදූ අපේ කාලේ අනේපිඬු සිටුවරයකු පසුගිය දින අපට මුණගැසුණේ සූරියවැව මුවන්පැලැස්ස ප්‍රදේශයේදීය. ඔහු නමින් ව්‍යාපාරික ගුණදාස රණසිංහය. ඔහු මේ වනවිට දිවයිනේ අඩු පහසුකම්වලින් යුක්ත වෙහෙර විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ බුද්ධ මන්දිර 100ක්ද චෛත්‍ය 13ක්ද සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සාදවා මේ ශාසනයට පූජා කර තිබේ. 1990 වසරේ සිට මේ දක්වාම දිවයිනේ වෙහෙර විහාර වෙනුවෙන් බුද්ධ මන්දිර හා චෛත්‍ය ඉදිකිරීම සිදුකර ඇති රණසිංහ මහතා දුගී දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන්ද ඉටුකර ඇත්තේ අපරිමිත වූ සේවාවකි. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඔහු අතින් සිදුව ඇති ප්‍රජා සත්කාරක සේවාවන්ද අප්‍රමාණය.
ගුණදාස රණසිංහ මහතා සිදුකර ඇති ශාසනික සේවයද අගයමින් ගෞරව සමමාන රැසක්ද ඔහුට හිමිව තිබේ. 2008 වසරේදී ශ්‍රි විජයබෝධි ජනරංජන යන ගෞරව නාමයත්, 2011 වසරේදී අසරණ සරණ ශාසන ශෝභන ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමයත්, 2018 වසරේදී අමරපුර සිරි සද්ධම්ම වංශ නිකායෙන් “මානව හිතවාදී දේශබන්ධු“ යන ගෞරව නාමයත් ඔහුට හිමිව තිබේ.
1990 වසරේදී සූරියවැව රජයේ රෝහලට බුද්ධ මන්දිරයක් ඉදිකරමින් එතුමාගේ මේ ශාසනික සේවය ආරම්භ කර තිබේ. ඉන්පසුව 1995 වසරේදී සූරියවැව හබරත්තවෙල පුරාණ විහාරස්ථානයට අංග සම්පූර්ණ ධර්ම ශාලාවක්, 1997 හා 2001 වසරේදී විහාරගල අලිඔලුආර රජමහා විහාරස්ථානයට බුද්ධ මන්දිරය හා බුද්ධ ප්‍රතිමාව ඉදිකර පූජා කිරීම, එම විහාරස්ථානයේ විද්‍යාලෝක පිරිවෙන සඳහා ජල ටැංකියක් ඉදි කිරීම, 2003 වසරේදී ගොඩකවෙල නියන්ගම විහාරස්ථානයේ 17 රියන් බුදු පිළිමය සාදවා පූජා කිරීම, 2004 වසරේදී වළවෙල විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය හා ඇත් පවුර සාදා පූජා කිරීම,2005 වසරේදී පහලොවගොඩ විහාරස්ථානයේ මකර තොරණ සාදවා පූජා කිරීමත්, 2006 වසරේදී වීරකැටිය මුරුතවෙල රජමහා විහාරස්ථානයේ 21 රියන් සමාධි බුද්ධ ප්‍රතිමාව හා අසු මහ ශ්‍රාවකයන් වහන්සේ සාදවා පූජා කිරීම, සූරියවැව වීරියගම මහා විද්‍යාලයේ බුද්ධ මන්දිරය සමග මකර තොරණ හා විද්‍යාලයීය ගේට්ටුව සකස් කිරීම, 2007 වසරේදී වීරකැටිය උඩුකිරිවල රජමහා විහාරස්ථානයට අංග සම්පූර්ණ ධර්ම ශාලාවක් ඉදිකිරීම, හම්බන්තොට මිරිජ්ජවිල ළමා උයනක් සහ එහි බුද්ධ මන්දිරයක් සාදවා පූජා කිරීම, සූරියවැව හත්පෝරුව නවය හමාර නයිගල රජමහා විහාරයේ බුද්ධ මන්දිරය හා ප්‍රතිමාව සාදවා පූජා කිරීම, 2008 වසරේදී සූරියවැව යොවුන් සේනාංක මධ්‍යස්ථානයට බුද්ධ මන්දිරයක් සාදවා පූජා කිරීම, සූරියවැව විහාරගල මහපැලැස්ස විහාරස්ථානයේ මකර තොරණ ඉදිකිරීම, ඇඹිලිපිටිය මොරකැටිය රජමහා විහාරස්ථානයේ 21 රියන් චෛත්‍යය ඉදිකිරීම, 2009 වසරේදී වීරකැටිය කටුවැව විහාරස්ථානයේ 21 රියන් චෛත්‍යය ඉදිකිරීම, 2010 වසරේදී අගුණුකොළපෑලැස්ස, ඩී5 ඇළ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ 15 රියන් චෛත්‍යය ඉදිකිරීම, සූරියවැව අන්දරවැව ධර්මදූත ආශ්‍රමයේ චෛත්‍යය හා කොත් වහන්සේ සාදවා පූජා කිරීම, රන්න කොටවාය රජමහා විහාරයේ අංග සම්පූර්ණ දාන ශාලාවක් සාදවා පූජා කිරීම, ඇඹිලිපිටිය 97 හමාර ශ්‍රී බෝධිමළු විහාරයේ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකර පූජා කිරීම, සූරියවැව නමඩගස්වැව විහාරස්ථානයේ සංඝාවාසය හා බෝධි ප්‍රාකාරය ඉදිකිරීම, රන්න ආනන්දාරාම පුරාණ විහාරස්ථානයේ 15 රියන් බුද්ධ ප්‍රතිමාව ඉදිකර පූජා කිරීම, 2011 වසරේදී සූරියවැව බෝධිරාජ විහාරස්ථානයේ විහාර මංදිරය, තාප්පය, මකර තොරණ හා චෛත්‍යය ඉදිකර පූජා කිරීම, ඇඹිලිපිටිය තෝරගල විහාරස්ථානයේ චෛත්‍යට කොත පූජා කිරීම, ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව දේවාලයේ වහළ ඉදිකිරීම, කිඹුල්කැටිය රජමහා විහාරස්ථානයේ චෛත්‍යයට කොත පූජා කිරීම, 2012 වසරේදී හකුරවෙල කුඹුක්මුල්ල රජමහා විහාරයේ චෛත්‍යය ඉදිකිරීම, 2013 වසරේදී පදලංගල හත්බෝධි විහාරස්ථානයේ 21 රියන් චෛත්‍යය ඉදිකිරීම, 2016 වසරේදී රන්න නිම්බාරාම විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම, 2017 වසරේදී අගුණුකොළපැලැස්ස කංකානම්ගම විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම හා 2018 වසරේදි අම්බලන්තොට රොටවල විල්ගම්වෙහෙර පුරාණ රජ මහා විහාරයේ චෛත්‍යය ඉදිකිරීම එතුමා විසින් මේ සම්බුද්ධ ශාසනයට සිදුකළ සේවාවන් අතර වෙයි.
මීට අමතරව එතුමා විසින් සිදුකර ඇති ප්‍රජා සත්කාරක සේවාවන්ද අප්‍රමාණය. තමන් සිදුකරන මේ ශාසනික සේවය පිළිබඳව අදහස් දැක්වූ ගුණදාස රණසිංහ මහතා මෙසේ පැවසීය.
“මම 1990 වසරේදී තමයි මුලින්ම මේ ශාසනික සේවය ආරම්භ කළේ. ඒ සූරියවැව ප්‍රාදේශීය රෝහලෙන්. මම පළමුවෙන්ම සූරියවැව ප්‍රාදේශීය රෝහලේ බුද්ධ මන්දිරය තමයි ඉදිකරීම සිදු කළේ. එහිදී මට ආසාවක් ඇති වුණා දිවයිනේ අඩු පහසුකම් තියෙන විහාරස්ථානවලටත් උදවු උපකාර කරන්න. වෙහෙර විහාර ඉදිකරන්න. ඒ අනුව තමයි මම අද වනවිට මේ විදියට අඩු පහසුකම් තියෙන වෙහෙර විහාරස්ථාන ඉදිකරන්න පටන් ගත්තේ. අපේ හාමුදුරුවන් වහන්සේලා ගොඩක් මගෙන් ඉල්ලිම් කරලා තියෙනවා අද වෙනකොටත් වෙහෙර විහාරස්ථානවල තියෙන අඩුපාඩුකම් ඉදිකර දෙන්න කියලා. මම මට පුළුවන් සෑම විහාරස්ථානයක්ම ඉදිකර දීමට කටයුතු කරනවා. මම දිනපතා බුදුන් වඳින බෝධි පූජා තියන කෙනෙක්. මගේ බිරිඳ හා දරුවනුත් මේ සඳහා මට දක්වන්නේ අප්‍රමාණ වූ සහයෝගයක්. අද වෙනකොට දිනපතාම වගේම දිවයිනේ කොහේ හරි විහාරස්ථානයකට මම මගේ සහයෝගය ලබා දෙනවා. ඒකට මගේ ජිවිතයේ ප්‍රධාන තැනක් ලබා දීලයි තියෙන්නේ” යැයි පැවසීය.
♦ සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර