ආයුර්වේදයට අනුව නීරමුල්ලිය ඉතා ගුණදායක ඖෂධයක් ලෙස හැඳින්විය හැක. හොඳින් මුත්‍රා පිට කිරීමට මෙන්ම මුත්‍රා ඇති කිරීමේ ගුණයක් මෙහි අන්තර්ගත වේ. එම නිසා සිරැරේ වකුගඩු හා සම්බන්ධ මුත්‍රා ව්‍යුහ පද්ධතියට වැදගත් ඖෂධයකි.
මුත්‍රා පිටවීමේදී අපහසුතාවයක් ඇතිවීම, අඩුවෙන් මුත්‍රා පිටවීම, මුත්‍රා පිට නොවීම, මුත්‍රා පිටවෙද්දී දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවීම, මුත්‍රා පිටවීමට අවහිරවීම වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේදී නීරමුල්ලිය ඉතා ගුණදායක ඖෂධයකි.
නමුත් මෙය වෛද්‍ය උපදෙස්වලින් තොරව රෝගීන් ගැනීමෙන් වැළකිය යුතුය. මෙමගින් කසාය, ගුලි, කල්ක, පෙති, කරල්, චූර්ණ වැනි බොහෝමයක් ඖෂධ නිෂ්පාදනය කෙරේ.
නීරමුල්ලිය ඇට ලිංගික බෙලහීනතාව සුව කිරීමට හා ශුක්‍රාණු නිෂ්පාදනය සඳහා ගුණදායක ඖෂධයකි. දියවැඩියා රෝගයන් ඇතුළු බොහෝ රෝග ඇතිවීම අක්මාව ආරක්ෂා කරන ඖෂධයක් ලෙස නීරමුල්ලිය හැඳින්විය හැක. වාජීකරණ ගුණයද ප්‍රබලව මෙහි පවතී.
මොළයේ නිරෝගී බව සඳහාද ගුණදායක ඖෂධයකි. මුත්‍රා අමාරැ රෝගීන්ට මෙන්ම, අධික රුධිර පීඩන සහ ආතරයිටීස් රෝගීන්ටද මෙය ගුණදායක වේ.
ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර