2018 මාර්තු 17 වන සෙනසුරාදා

HIT TIPS

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

කඳු නගින්න කැමති කාන්තාවන්ටයි මේ

මේ කියන්න යන්නේ ත්‍රාසජනක වැඩවලට කැමති කාන්තාවන්ට වැදගත් පණිවුඩයක්. ඒ තමයි මාර්තු 25 වැනිදා කාන්තාවන් වෙනුවෙන්ම කඳු නැගීම පිළිබඳ විශේෂ වැඩමුළුවක් පැවැත්වෙනවා. යක්කල ලංකා ඇඩ්වෙන්චර් කෑම්ප් භූමියේ පැවැත්වෙන මේ වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර 077 758 4068 දුරකථන අංකයෙන් දැනගන්න පුළුවන්. 

ජර්මන් ජොලිය 29 වැනිදා

ප්‍රසිද්ධ ජර්මානු ආහාර අවන්හලක් වන බර්ලින් ස්කයි ලෝන්ජ් ලබන 29 වැනිදාට විශේෂ රාත්‍රී ප්‍රසංගයක් සූදානම් කර තිබෙනවා. Back to the 90’s නමින් නම් කරලා තියෙන මේ ප්‍රසංගයේදී 90 දශකය තුළ ජනප්‍රියත්වයට පත්වුණු ගීත වාදනය කෙරෙනවා. 90 දශකයේ රවුමක් යන අතරේදී රසවත් ජර්මානු ආහාර රස විඳින්නත් මෙහිදී පුළුවන් වේවි.